September, 5, 2024
පසුගිය 2024 අගෝස්තු මාසයේ දී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 164,609 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහිදී ඉන්දියාවෙන් 33,031 ක්, එක්සත් රාජධානියෙන් 17,587 ක්, චීනයෙන් 11,333 ක් සහ ජර්මනියෙන් 10,623 ක් ලෙසින් අගෝස්තු මාසයේ දී වැඩි වශයෙන් මෙරටට සංචාරකයින් පැමිණි රටවල් වේ.
මෙම දත්ත වාර්තා නිරීක්ෂණයේ දී අගෝස්තු මාසයේ අවසන් සතිය තුළ සංචාරක පැමිණීමෙහි කැපීපෙනෙන පහළ යාමක් දක්නට ලැබීම විශේෂත්වයකි.
2024 අගෝස්තු මාසයේ වැඩිම සංචාරක පැමිණීම අගෝස්තු 10 වන දින වාර්තා වන අතර එය 7,200 කි. කෙසේවෙතත් දෛනික සංචාරක පැමිණීම අගෝස්තු 28 දින වන විට සාපේක්ෂව 2,804 ක් තරම් අගයකට පහළ ගොස් තිබීම මෙහිදී කැපීපෙනෙන කරුණකි. අගෝස්තු මාසයේ අවසාන දින 7 සැලකීමේ දී එය 4,000 දෛනිකව මට්ටමින් පහළට පැමිණ ඇත.
සමස්තයක් ලෙසින් ගත් කල 2024 මුල් මාස 08 තුළ දී විදෙස් සංචාරකයින් 1,362,668 ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි. එහිදී ඉන්දියාවෙන් පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 258,672 ක් වන අතර එක්සත් රාජධානියෙන් 127,776 ක් පැමිණ ඇත.
කොවිඩ් වසංගත තත්ත්යෙන් සහ ආර්ථික අර්බුදකාරී වාතාවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක මූලාශ්‍රයක් වූ රුසියානු සමූහාණ්ඩුව, අගෝස්තු මාසය වන විට 10 වැනි තැනට පත්වීම මෙහිදී සැලකිය යුතු කරුණකි. පසුගිය අගොස්තු මාසයේ දී රුසියාවෙන් පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව සටහන් වන්නේ 4,351 ක් ලෙසිනි. කෙසේවෙතත් මුල් මාස 08 හි සමස්ත සංඛ්‍යා පිරික්සීමේ දී රුසියාව මෙම ලැයිස්තුවේ තෙවැනි තැන පසුවන අතර එම වකවානුව තුළ රුසියානු සමූහාණ්ඩවෙන් සංචාරකයින් 123,033 ක් මෙරටට පැමිණ තිබේ.
Video Story