September, 9, 2024
කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේ ඉදිකෙරුණු, මෙම කලාපයේ පළමු Downtown Duty-Free සාප්පු සංකීර්ණය පසුගිය දා විවෘත විය.
සාමාන්‍යයෙන් විදෙස් සංචාරයක නිරත වන යම් අයෙකු තීරු බදු රහිත මිල දී ගැනීම් සඳහා සුදුසුකම් ලබන්නේ නම්, ඔහු හෝ ඇය ගුවන් තොටුපළක පිහිටි තීරු බදු රහිත සාප්පුවලින් අදාළ මිල දී ගැනීම් කළ යුතු වුවත්, එම පහසුකම මෙම සාප්පු සංකීර්ණය හරහා ලබා ගැනීමට හැකි වීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.
ඒ අනුව මෙහි සාප්පු සවාරියේ යෙදීම සඳහා සුදුසුකම් ලබන පාර්ශව ප්‍රධාන වශයයෙන් 4 කි.
1. ශ්‍රී ලංකාවට ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයින්
2. සංචාරකයින්
3. ශ්‍රී ලංකාවෙන් පිටත් වන ශ්‍රී ලාංකිකයින් සහ විදේශිකයින්
4. රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රාජ්‍ය තාන්ත්‍රික සංවිධාන
එබැවින් ඉහත කාණ්ඩවලට අයත් නොවන පුද්ගලයින් හට මෙම සාප්පු සංකීර්ණයට ප්‍රවේශ වීමේ අවස්ථාව නොලැබෙනු ඇත.
යම් අයෙකු ශ්‍රී ලංකාවේ සිට පිටරටකට යන්නේ නම් ඊට පෙර මෙම සාප්පු සංකීර්ණයට පැමිණ භාණ්ඩ මිල දී ගත හැකි අතර අදාළ භාණ්ඩ ගුවන් තොටුපළේ දී ලබා ගත හැකිවනු ඇත.
එසේම ශ්‍රී ලංකාවට පැමිණෙන යම් අයෙක් වේ නම් ඔහු දිවයිනට පැමිණ දින 4 ක් තුළ තමා සුදුසුකම් ලබන තීරු බදු රහිත මිල දී ගැනීමේ වියදම් සීමාව තුළ, මෙම සාප්පු සංකීර්ණයෙන් මිල දී ගැනීම් සිදුකළ හැකි වේ.
Video Story