September, 10, 2024
ශ්රී ලංකා මහ බැංකුව විසින් එළඹෙන බ්රහස්පතින්දා (12) දිනයේ දී භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබේ.
මෙම වෙන්දේසිය රු. මිලියන 290,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර ප්රමාණයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.
අදාළ වෙන්දේසිය කාණ්ඩ තුනක් යටතේ පැවැත්වෙන අතර එහිදී,
2028 පෙබරවාරි 15 වැනි දින කල් පිරෙන රු. මිලියන 100,000 ක්,
2029 ජූනි 15 වැනි දින කල් පිරෙන රු. මිලියන 150,000 ක් සහ
2034 සැප්තැම්බර් 15 වැනි දින කල් පිරෙන රු. මිලියන 40,000 ක්,
ලෙසින් වන පරිදි වෙන්දේසිය සඳහා බැඳුම්කර ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.
