ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන යටතේ ව්‍යුහාත්මක මිනුම් දණ්ඩක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමට උපකාර වන තොරතුරු තාක්ෂණ උපායමාර්ගික සැලැස්මක්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සකස් කර 2024 අගෝස්තු මාසය අවසන් වන විට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබීම අවශ්‍ය වේ.
ඒ අනුව, 2025-2027 කාලසීමාව සඳහා සකස් කරන ලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා වන තොරතුරු තාක්ෂණ උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.