සංචාරක පැමිණීම දහ හතර ලක්ෂය ඉක්මවයි

    September, 13, 2024

    වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව දහ හතර ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.

    2024 සැප්තැම්බර් මාසයේ පළමු දින 11 තුළ 44,977 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති අතර ඒ සමඟම වසරේ මේ දක්වා කාලය තුළ පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,407,645 ක් ලෙසින් වාර්තා වේ.

    සැප්තැම්බර් මාසයේ පළමු දින 11 තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගෙන් 19.6%ක් එනම් 8,817ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.

    2023 වසරේ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛාව 1,487,303ක් වන අතර 2024 වසරේ මුල් මාස 09 තුළ දී ඒ ආසන්නයට පැමිණීමට හැකිව තිබීම විශේෂත්වයකි.

    කෙසේ වෙතත් මෙම වසරේ පසුගිය මාසවලට සාපේක්ෂව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සැලකිය යුතු පහළ යාමක් මේ වන විට නිරීක්ෂණය කළ හැකිය.