September, 24, 2024
ශ්‍රී ලංකාව 2022 වසරේ දී එතෙක් මෙතෙක් ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව, අත්පත් කරගත් දුෂ්කර ජයග්‍රහණ මතින් ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ කර්තව්‍ය උදෙසා අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු මේ බව සඳහන් කරන අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයින් සමඟ එකඟතාවයකට එළඹීම සම්බන්ධයෙන් ද මූල්‍ය අරමුදලේ ප්‍රසාදය පිරිනමා තිබේ.
මේ අතර වැඩිදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, ශ්‍රී ලංකාවේ නව පරිපාලනය සමඟින් හැකි ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්රමය ලබන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ තෙවන සමාලෝචනය සහ අදාළ කාලය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලබන බවයි.