October, 2, 2024
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (02) දින රු. මිලියන 142,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් කැඳවා තිබේ.
මෙම වෙන්දේසියේ දී දින 91 කල්පිරීමේ කාලය යටතේ රු. මිලියන 65,000 ක්, දින 182 කල්පිරීමේ කාලය යටතේ රු. මිලියන 67,500 ක් සහ දින 364 කල්පිරීමේ කායල යටතේ රු. මිලියන 10,000 ක් බැගින් වන පරිදි භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට නියමිතය.
ශ්රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් මෙම වෙන්දේසිය සඳහා ලංසු ඉදිරිපත් කළ හැකි අතර , රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්රාථමික අලෙවිකරුවන්ගෙන් මේ සඳහා ලංසු කැඳවනු ලැබේ.