කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලය 75 වැනි සංවත්සරය සමරමින් සූර්ය බලශක්තිය භාවිතයට පරිවර්තනය වේ

    October, 2, 2024

    බ්‍රිතාන්‍ය කවුන්සිලයේ කොළඹ කාර්යාලය සිය බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 100ක් උත්පාදනය කිරීම සඳහා සූර්ය බලශක්තියට පරිවර්තනය කරන ලදී. ව්‍යාපෘතියේ කොටසක් ලෙස සහ හරිතකරණය සඳහා අපගේ කැපවීම ලෙස, කොළඹ කාර්යාලය 220kWp Solar PV පැනල ඒකක 353 ක් ස්ථාපනය කරයි. මෙම සුවිශේෂී ව්‍යාපෘතිය හරහා කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලය ඉදිරි වසර 25 සඳහා වාර්ෂිකව CO2 ටොන් 285.97ක් ඉතිරිකර ගනු ඇත.

    සූර්ය බලශක්ති පද්ධතියේ නිල එළිදැක්වීම අපගේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතිගරු ඇන්ඩෲ පැට්‍රික් මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටාල් සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ඔර්ලන්ඩෝ එඩ්වර්ඩ් සමඟ පැවැත්විණි.මෙම අවස්ථාවට කොළඹ කාර්යාලයේ පාර්ශවකරුවන්, කාර්ය මණ්ඩලය සහ මාධ්‍යවේදීන් ද සහභාගී විය.

    කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලය තිරසාර සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටින ආචාර ධර්ම සඳහා මෙම මුලපිරීම ප්‍රබල ආදර්ශයක් සපයයි. කොළඹ කාර්යාලයේ උපරිම මෙහෙයුම් පැය 08:00 සහ 17:00 අතර වන අතර එය ශ්‍රී ලංකාවේ විදුලි පරිභෝජනය සඳහා ප්‍රශස්ත උපරිම පැය වේ. එබැවින් සූර්ය බලශක්තිය භාවිතා කිරීම ජාතික විදුලිබල පද්ධතියට බබැර අඩු කිරීමටද දායක වනු ඇත.

    බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් මැක්ඩොනල්ඩ් සූර්ය බලශක්ති පද්ධතිය දියත් කිරීමේ උත්සවයේදී අන්තර්ජාලය ඔස්සේ අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අපේ කොළඹ කාර්යාලය සූර්ය බලශක්තියට සංක්‍රමණය වීම ගැන මම සතුටු වෙනවා. මෙම ව්‍යාපෘතිය මඟින් කාර්යාලයේ බලශක්ති අවශ්‍යතාවලින් සියයට 100ක් පුනර්ජනනීය ප්‍රභවයන් හරහා උත්පාදනය කිරීමට අපට හැකි වේ. මෙය ඉදිරි වසර 25 සඳහා අපගේ CO2 විමෝචනය වාර්ෂිකව ටොන් 285 කින් අඩු කරනු ඇත. මෙය තිරසාරභාවය සඳහා අපගේ කැපවීම, දේශගුණික හදිසි අවස්ථා වල සැලකිය යුතු අභියෝගවලට මුහුණ දීම සහ අප සේවය කරන ප්‍රජාවන්ට ධනාත්මක ලෙස දායක වීම ඉස්මතු කරයි.”

    කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලය හරිත අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා සිය ප්‍රයත්නයන් අඛණ්ඩව කරගෙන යන අතරම එහි මෙහෙයුම් වැඩිදියුණු කිරීම සහ එහි අනුග්‍රාහකයින්ට සහ සාමාජිකයින්ට වැඩි අවස්ථාවන් ලබා දෙනු ඇත.

    British High Commissioner H.E Andrew Patrick addressing the gathering.

    Orlando Edwards, Country Director British Council speaking at the event.

    British High Commissioner H.E Andrew Patrick and other guests at the press conference.

    British High Commissioner H.E Andrew Patrick with Orlando Edwards, Country Director British Council, alongside the British Council Colombo staff in charge of the solar for change project.

    British High Commissioner H.E Andrew Patrick with Orlando Edwards, Country Director British Council, alongside the British Council Colombo staff.