2024 ලෝක ළමා දිනය දා උපත ලැබූ සියලූ‍ම දරුවන්ගේ දෙමාපියන් සඳහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වෙතින් රුපියල් මිලියනයක ජිවිත රක්ෂණයක් නොමිලේ

    October, 2, 2024

    • SLIC ලයිෆ්, දිවයිනේ සෑම ප‍්‍රදේශයකම 2024 ඔක්තෝම්බර් 01 වෙනි දා උපත ලැබූ සෑම දරුවෙකුගේම දෙමාපියන් වෙත රුපියල් මිලියනයක ජීවිත රක්ෂණ ආවරණයක් නොමිලේ පිරිනමයි.
    • රක්ෂණයේ වැදගත්කම සියලූ‍ දෙනාටම පසක් කර දෙමින් මෙම වැඩසටහන 2024 ඔක්තෝම්බර් 01 වෙනි දින සියලූ‍ම රෝහල් ආවරණය වන පරිදි දීපව්‍යාප්තව ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

    2024 ඔක්තෝම්බර් 01 වෙනි දිනට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 ඔක්තෝම්බර් 01 වෙනි දින උපත ලබන දරුවන්ගේ දෙමාපියන්ට රුපියල් මිලියනයක් වටිනා ජීවිත රක්ෂණ ආවරණයක් නොමිලේ පිරිනමමින් තවත් සමාජ සත්කාරක වැඩසටහනකට මුලපුරයි. මෙම වැඩසටහන දිවයින පුරා විහිදුනු රෝහල් ආවරණය කරමින් එදිනම ක‍්‍රියාත්මක කරනු ලබයි. මෙම විශේෂ ප‍්‍රජා සත්කාරක (CSR) වැඩසටහන 2022 වර්ෂයේ ආරම්භ කරනු ලැබු අතර මෙහි මුලික අරමුණ වුයේ රක්ෂණයක් තුලින් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි. මෙම වැඩසටහන හේතුවෙන් සමාජයට ඇතිවන අභිවෘද්ධිය අවබෝධ කරගත් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) 2024 වසරේදී අඛණ්ඩව තුන්වැනි වරටත් එය ක‍්‍රියාත්මක කිරීමට තීරණය කළේය.

    වගකිවයුතු ආයතනයක් ලෙස, ශ‍‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම ව්‍යාපාර මෙහෙයුම් ක‍්‍රියාත්මක වන වපසරයේ ජනතාවගේ වැඩි දියුණුව වෙනුවෙන් නිරතුරුව ක‍්‍රියාත්මක වන ආයතනයකි. ඔවුන්ගේ ප‍්‍රජා සත්කාරක වැඩසටහන් මුලික වශයෙන් ප‍්‍රධාන අංශ තුනක් ඔස්සේ ක‍්‍රියාත්මක වේ. එනම්, දැයේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම, රටේ ප‍්‍රජාවගේ අභිවෘද්ධිය තහවුරු කිරීම සහ දේශීය සංස්කෘතිය නගාසිටුවීම වේ. මේ තුලින් රටේ සමාජ ආර්ථික තිරසරභාවය සඳහා දායක වීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් කටයුතු කරයි.

    ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී චන්දන එල්ග අලූ‍ත්ගම මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ, “වගකිවයුතු සංවිධානයක් ලෙස, අපි මුල්‍ය ආරක්‍ෂාවෙන් පමණක් නොව ඉන් ඔබ්බට ගිය ක‍්‍රමවලින් දරුවන්ගේ යහපැවැත්ම ගැන සැලකිලිමත් වෙමු. අද පවතින දුෂ්කර ආර්ථික තත්ත්වයන් හමුවේ බොහෝ දෙනෙකුට විවිධ අභියෝග වලට මුහුණ දීමට සිදුවේ. මෙවන් අවස්ථාවලට සාර්ථකව මුහුණ දීමට සුදුසු මූල්‍ය පසුබිමක් තිබීම ඉතාමත් වැදගත් වන අතර, රක්ෂණය සැමට ලැබිය යුතු යැයි අපි විශ්වාස කරමු. එහි ප‍්‍රතිඵලයක් ලෙස 2022 සිට ලෝක ළමා දිනයේදී උපදින දරුවන්ට නොමිලේ ජීවිත ආවරණයක් ලබාදීමේ අරමුණින් අපි මෙම විශේෂ ව්‍යාපෘතිය ආරම්භ කළෙමු. ඊට අමතරව දරුවන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය තහවුරු කිරීම සඳහා  විවිධ රක්ෂණ සැලසුම්  ද අප විසින් හඳුන්වා දී ඇත. ආයතනයක් ලෙස අපගේ ප‍්‍රයත්නය වන්නේ අපගේ දරුවන්ගේ ජීවිත ආරක්ෂා  කිරීම පමණක් නොව ඔවුන්ගේ සිහින සහ අපේක්ෂාවන් සඳහා ද රැකවරණයක් ලබා දීමයි.”‍

    මෙම විශේෂ වැඩපිළිවෙල සනිටුහන් කිරීම සඳහා, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් නියෝජනය කරමින් එහි කළමනාකාරීත්වය, රෝහල් කාර්ය මණ්ඩලය සහ පවුල්වල සාමාජිකයින් එක්රැස් වූ  වැඩසටහනක් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේදී පැවැත්විණි. ශ‍්‍රී ලංකාවේ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට දීප්තිමත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ජීවිත රක්ෂණයේ වැදගත්කම මෙම අවස්ථාවෙන් අවධාරනය කරන ලදී.

    මෙම වැඩපිළිවෙලින් ඔබ්බට, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් විසින් දරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අවශ්‍යතා සපුරාලන රක්ෂණ සැලසුම් කිහිපයක් හඳුන්වා දී ඇත. උදාහරණයක් වශයෙන්, Mini Muthu රක්ෂණාවරණයන් ශ‍්‍රී ලාංකීය දරුවන්ගේ අධ්‍යාපනයට සහ අනාගත අභිලාෂයන්ට සහාය වීම සඳහා සුදුසු විසඳුම් ඉදිරිපත් කරයි. මීට අමතරව, School fee Protector සැලැස්ම දරුවන්ගේ අධ්‍යාපනික සිහිනවලට අනපේක්ෂිත මූල්‍ය දුෂ්කරතාවලින් බාධාවක් නොවන බව සහතික කරන අතර, අඛණ්ඩව තම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට දෙමාපියන්ට ඉඩ සලසයි.

    දරුවන් රටේ අනාගතය බව ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් විශ්වාස කරන අතර අර්ථවත්, ¥රදර්ශි රක්ෂණ විසඳුම් මගින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට බැඳී සිටී. ලෝක ළමා දිනයේදී අලූ‍ත උපන් බිළිඳුන්ගේ දෙමාපියන් වෙත මෙම ජීවිත ආවරණය නොමිලේ ලබා දීමෙන් පිළිබිඹු වන්නේ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුල ඔවුන්ගේ ජීවිතයේ සෑම විශේෂ සන්ධිස්ථානයකම රක්ෂණය තුලින් ප‍්‍රධාන කාර්යභාරයන් ඉටුකිරීමට සෑමවිටම සුදානමින් සිටින බවයි. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මෙම දරුවන්ගේ උපතේ සිට වැඩිහිටිභාවය දක්වා ජීවිතයේ සෑම අදියරකදීම ඔවුන් සමගම සිටින බව පෙන්නුම් කරයි.

    රුපියල් මිලියනයක නොමිලේ ජීවිතාරක්ෂණ වැඩසටහන සහ අනෙකුත් වැඩපිළිවෙලවල් මගින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් විසින් රක්ෂණ ක්ෂේත‍්‍රය සඳහා නව මිණුම් දණ්ඩක් ස්ථාපිත කර ඇති අතර, සැමට පුළුල් මූල්‍ය ආරක්ෂාවේ වැදගත්කම අවධාරණය කරයි. එය අඛණ්ඩව වර්ධනය වන විට, සියලූ‍ ශ‍්‍රී ලාංකිකයන් සඳහා දීප්තිමත් සහ වඩාත් සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සිය මෙහෙවර සමඟින් කැපවී සිටී.