NDB බැංකුව මහනුවර සිටි සෙන්ටර් ශාඛාව සේවා විශිෂ්ටත්වයේ දස වන සංවත්සරය සමරයි

    October, 3, 2024

    පසුගිය අගෝස්තු මස 22 වන දින NDB බැංකුව සිය මහනුවර සිටි සෙන්ටර් ශාඛාවේ (Kandy City Center - KCC) 10 වන සංවත්සරය සමරමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කලේය. සාම්ප‍්‍රදායික පිරිත් දේශනාවකින් ආරම්භ කරන ලද මෙම උත්සවය, සංස්කෘතික වටිනාකම් වෙනුවෙන් NDB බැංකුවේ ඇති ඉමහත් ගෞරවය පිළිඹිබු කලේය.

    පසුගිය දශකය පුරා, බැංකුවේ කැන්ඩි සිටි සෙන්ටර් ශාඛාව, මහනුවර ආශ‍්‍රිතව මූල්‍ය සේවාවන් සැපයීමේ ප‍්‍රමුඛයා බවට පත්වෙමින් සුවිශේෂී බැංකුකරණ විසඳුම් ලබා දෙමින් සහ එම ප‍්‍රදේශයේ ආර්ථික වර්ධනයට ද දායක වේ. KCC ශාඛාව මෙම කාලපරිච්ඡේදය තුළ සැලකිය යුතු ජයග‍්‍රහණ, අඛණ්ඩ වර්ධනය සහ සේවා විශිෂ්ටත්වය උදෙසා ඇති කැපවීම මැනවින් ප‍්‍රදර්ශනය කර ඇත.

    මෙම දශක පූර්ණ සැමරුම පිළිබඳ අදහස් දක්වමින් NDB බැංකුවේ මහනුවර KCC ශාඛාවේ කළමනාකාර දිනූප ද සිල්වා මහතා අදහස් දක්වමින් ප‍්‍රකශ කලේ, ‘‘අපගේ ගෞරවාන්විත පාරිභෝගිකයන්ට සහ මහනුවර ප‍්‍රජාවට වසර ගණනාවක් පුරා ඔවුන් අප වෙත දැක්වූ විශ්වාසය සහ සහයෝගය වෙනුවෙන් අපි අතිශයින් ස්තූතිවන්ත වෙමු. ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසය නිසා මෙම සන්ධිස්ථානයට ළඟා වීමට අපට හැකි උනා’’ ලෙසයි. තවදුරටත් සිය අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ‘‘අපගේ KCC ශාඛාව උඩරට කලාපයේ වඩාත් ස්ථාවර සහ වඩා හොඳ ප‍්‍රගතියක් අත්පත් කරගෙන ඇති අතර, ඒ හරහා අප විසින් ගොඩනගා ඇති ශක්තිමත් සබඳතා පිළිබඳව අපි ඉතා ආඩම්බර වෙමු’’. යනුවෙනි.

    මෙම දශවර්ෂ පූර්ණ සංවත්සර සැමරුම හුදු අතීතය පිළිබඳ සැමරීමක් පමණක් නොව අනාගතය වෙනුවෙන්  පෙර සූදානම් වීමකි . NDB බැංකුව සිය සේවාවන් වැඩිදියුණු කිරීමට සහ එහි විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට නිබඳවම කැපවී සිටී. නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, NDB බැංකුවේ KCC ශාඛාව සිය ගනුදෙනුකරුවන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීමට සහ බැංකුවේ පුළුල් සාර්ථකත්වය සඳහා මූලික කාර්යභාර්‍යයන් ඉටු කිරීමට සූදානම්ව සිටී.

    ‘‘NDB බැංකුවේ අපි තවත් වසර ගණනාවක සාර්ථකත්වය සහ දීර්ඝකාලීන හවුල්කාරීත්වයන් වෙනුවෙන් අපගේ ගනුදෙනුකරුවන් සඳහා විශිෂ්ට සේවාවක් සැපයීම උදෙසා අප සූදානම්. අනාගතය පිළිබඳව සුභවාදී දැක්මක් සහිතව අපගේ ගනුදෙනුකරුවන් සහ ප‍්‍රජාව සමඟ තවදුරටත් දියුණුවට පත්වීම සඳහා නවතම අවශ්‍ය බැංකුකරණ සේවාවන් වෙනුවෙන් අපි කැපවී සිටිනවා’’ යනුවෙන් දිනූප ද සිල්වා මහතා තවදුරටත් පැවසීය.

    NDB බැංකුව ප‍්‍රජාව සමඟ සම්බන්ධ වීමට සහ ගනුදෙනුකරුවන්ට මුල් තැන දීමට කැපවී සිටින අතර, KCC ශාඛාව බැංකුකරණයේ උසස් ප‍්‍රමිතීන් පවත්වාගෙන යන බව සහතික කරයි. ශාඛාවේ දියුණුවත් සමඟම, එහි සෑම ජයග‍්‍රහණයකදීම එම සාර්ථකත්වය ප‍්‍රජාව සමඟ බෙදාහදා ගනිමින් සහ සමරමින්, තම ගනුදෙනුකරුවන්ට සහාය වීමට සහ සවිබල ගැන්වීමට නවෝත්පාදන සහ නවීන බැංකුකරණ විසඳුම් ගෙන එයි.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුව වේ.  Asian Banking & finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ‍්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ‍්‍රී ලංකා ප‍්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී.  ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කල වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන්වල දී NDB බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත‍්‍රවිය. මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place to Work විසින් NDB  බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප‍්‍රාග්ධන වෙළඳපොළ ආශ‍්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.

     

    ඡායාරූප විස්තරය - NDB KCC ශාඛා කණ්ඩායම.