October, 7, 2024
ඉමහත් අපේක්ෂාවෙන් පසු වූ ‘කැපිටල් මාකට් මාස්ටර්ස්’ ප්‍රශ්න විචාරාත්මක තරඟයේ ජාතික මට්ටමේ තරඟය පසුගියදා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ගනුදෙණු පරිශ්‍රයේ දී සාර්ථකව අවසන් විය. ශ්‍රී ලංකාවේ පාසල්වල ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම් 100 ක් පිහිටුවමින් 2023 වර්ෂයේ දී ආරම්භ කළ ගමන් මඟේ සුවිශේෂිතම අවස්ථාව මෙමඟින් සනිටුහන් විය.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE), අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කරන ලද ‘කැපිටල් මාකට් මාස්ටර්ස්’ ප්‍රශ්න විචාරාත්මක තරඟය හරහා දිවයින පුරා පාසල්වල සිසුන්ගේ මූල්‍ය දැනුම සහ කුසලතා විදහා දැක්විණි. පළාත් මට්ටමේ තරඟ වලින් ජයග්‍රාහකයින් බවට පත් වූ හොඳම පාසල් දහය ඉතා තරඟකාරී සහ අභියෝගාත්මක අවසන් වටයකට මුහුණ දුන්හ.
මූල්‍ය වෙලඳපොළ, ආර්ථික විද්‍යාව, කාලීන තොරතුරු, තොරතුරු තාක්ෂණය, නවෝත්පාදනය සහ සාමාන්‍ය දැනුම ඇතුළු විවිධ විෂයයන් ඔස්සේ සිසුන්ගේ දැනුම පරීක්ෂා කරන ලදී. ඉතා තරඟකාරී වට කිහිපයකින් පසුව කොළඹ රාජකීය විද්‍යාලය විසින් කැපිටල් මාර්කට් මාස්ටර්ස් ජාතික ශූරතාවයට හිමිකම් කියමින් රු. 100,000ක මුදල් ත්‍යාගයක් හිමි කරගන්නා ලදී. කොළඹ ආනන්ද විද්‍යාලය ප්‍රථම අනුශූරතාවය හිමිකර ගත් අතර ර/ සීවලී මධ්‍ය මහා විද්‍යාලය දෙවන අනුශූරතාවය දිනා ගනිමින් එම පාසල් පිළිවෙළින් රු. 75,000 සහ රු. 50,000 බැගින් මුදල් ත්‍යාග හිමිකරගනු ලැබීය.
ප්‍රශ්න විචාරාත්මක තරඟයට අමතරව, සිසුන් විශේෂ දැනුවත් කිරීමේ සැසියකට සහභාගී වූ අතර, එහිදී ක්ෂේත්රයේ ප්‍රවීණයන් විසින් ඉදිරිපත් කරන ලද ඉදිරිපත් කිරීම් හරහා කොටස් වෙළඳපොල සහ මූල්‍ය ක්ෂේත්රය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය තවදුරටත් වර්ධනය කිරීම සිදු විය. මෙම සැසිය හරහා තරඟ අවස්ථාවට වටිනාකමක් එක් වූ අතර, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ සමස්ත ඉලක්කය සපුරා ගැනීමට ද ඉන් දායකත්වය හිමි විය.
අපගේ ප්‍රධාන අනුග්‍රාහකයින්ගේ සහාය නොමැතිව මෙම තරඟය පැවත්වීම අසීරු කටයුත්තක් වනු ඇත. බාට්ලීට් රෙලිගෙයාර් සෙකියුරිටීස් පුද්ගලික සමාගම සහ ෆස්ට් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගම ප්ලැටිනම් අනුග්රාහකයන් ලෙස අගනා කාර්යභාරයක් ඉටු කළ අතර මැලිබන් මිල්ක් පුද්ගලික සමාගම නිල පෝෂණ හවුල්කරු ලෙස කටයුතු කළේය. නිල පාවහන් හවුල්කරු ඩී. සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ අනුග්‍රහයෙන් ජයග්‍රාහී කණ්ඩායම් තුනට DSI පාවහන් වවුචර හිමි වූ අතර, නිල ලිපි ද්‍රව්‍ය හවුල්කරු ලෙස කටයුතු කළ ලුමිනෙක්ස් පීඑල්සී සමාගම සහභාගී වූ සියලුම සිසුන්ට ලිපි ද්‍රව්‍ය නොමසුරුව ලබා දුන්නේය. ඔවුන්ගේ සාමූහික සහය මෙම අවස්ථාව සාර්ථක කරගැනීමට ඉවහල් වූ අතර, සහභාගී වූ සැමට අමතක නොවන අත්දැකීමක් එක් කළේය. මීට අමතරව, පෝට් සිටි ගැලරියේදී සිසුන් සහ ගුරුවරුන් හට විශේෂ දිවා ආහාරයක් ලබා දෙන ලදී.
මෙම වසරේ කැපිටල් මාකට් මාස්ටර්ස් ප්‍රශ්න විචාරාත්මක තරඟයේ අවසානයත් සනිටුහන් කරමින්, SEC, CSE සහ ඔවුන්ගේ හවුල්කරුවන් විසින් සහභාගී වූ සියලුම සිසුන්ගේ ජයග්‍රහණ සමරනු ලැබූ අතර, මූල්‍යමය වශයෙන් සාක්ෂරතාවයෙන් යුතු සවිබල ගැන්වූ අනාගත පරපුරක් පෝෂණය කිරීම සඳහා වන ඔවුන්ගේ කැපවීම ඒ හරහා යළි යළිත් තහවුරු වේ.
ඡායාරූප විස්තරය - කැපිටල් මාර්කට් මාස්ටර්ස් ජාතික ශූරතාවය හිමිකරගත් කොළඹ රාජකීය විද්‍යාලය
Video Story