මර්චන්ට් බැංකුවට Core Banking විසඳුම් Scienter Technologies වෙතින්

    October, 8, 2024

    මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහා මූලික බැංකුකරණ විසඳුම (Core Banking Solution) සැපයීම, ස්ථාපනය කිරීම, පැවරීම සහ නඩත්තු කිරීම සඳහා වන ප්‍රසම්පාදනය සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත.

    ඒ සඳහා ආයතන 04ක් ලංසු ඉදිරිපත් කර තිබේ. ලංසුකරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ තාක්ෂණික යෝජනා සහ මූල්‍ය යෝජනා ඇගයීමෙන් අනතුරුව, තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අදාළ ප්‍රසම්පාදනය Scienter Technologies (PTE) Ltd වෙත ප්‍රදානය කිරීම නිර්දේශ කර ඇත.

    ඒ අනුව, එකී ප්‍රසම්පාදනය ප්‍රදානය කිරීම පිණිස මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.