MGM Health Care ශ්‍රී ලංකාවේ රෝගීන් සඳහා Scoliosis නිවැරදි කීරීමේ ශල්‍යකරම කිහිපයක් සාර්ථකව නිම කළ බව නිවේදනය කරයි

    October, 9, 2024

    MGM Health Care ශ්‍රී ලංකාවේ රෝගීන් සඳහා පැතිකුදය (Scoliosis) නිවැරදි කීරීමේ ශල්‍යකරම කිහිපයක් සාර්ථකව නිම කළ බව නිවේදනය කරයි. MGM Health Care, ඉන්දියාවේ සිටි චෙන්නායි හි  පිහිටා ඇති සුප්‍රසිද්ධ බහු-විශේෂිත (quaternary) සත්කාර රෝහලක්. ශ්‍රී ලංකාවෙන් පැමිණි රෝගීන් තිදෙනෙකුගේ  සංකීරණ පශ්චාත් විකෘතිතා නිවැරදි කිරීම් සමඟ ශල්‍යකරම සාර්ථකව කළ බව  ආඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම ශල්‍යකර්මවලට අදාළ සංකීර්ණතා පිළිබඳව අදහස් දක්වමින් කොඳු ඇට පෙළේ ශල්‍යකර්ම අංශයේ අධ්‍යක්ෂ සහ ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය කරුණාකරන් සිය අදහස් පළ කළේ “Scoliosis"  හෙවත් පැතිකුදය  යනු නව යොවුන් වියේදී කොඳු ඇට පෙළ අසාමාන්‍ය ලෙස පැත්තට වක්‍රවන තත්ත්වයකි. කොඳු ඇට පෙළේ වේදනාව අත්දකින වැඩිහිටියන් සඳහා, භෞත චිකිත්සාව වැනි මැදිහත් වීමක් අවශ්ය විය හැකිය.

    සංජානනීය උරස් හයි හයිපොකයිපොසිස් (Hypokyphosis) යනු අභියෝගාත්මක තත්වයකි, විශේෂයෙන් නව යොවුන් වියේ, ශරීර තවමත් වර්ධනය වෙමින් පවතින බැවින්, බොහෝ අවස්ථාවලදී, රෝගීන් අප වෙත පැමිණෙන්නේ නිදන්ගත වේදනාවෙන්, ක්‍රියාකාරකම් මට්ටම් අඩුවීමෙන් සහ නොහැකියාව සමඟ ඇති වන කලකිරීමෙනි. දෛනික කාර්යයන් ඉටු කරන්න හැකියාව ඉතා අඩුයි. මෙම ශල්‍යකර්මය සඳහා සංකීර්ණ සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වූ නමුත් එහි ප්‍රතිඵලය ගැන අපි සතුටු වෙනවා. රෝගියා නැවත චලනය වීම, නිදන්ගත වේදනාව සමනය කිරීම සහ ඔවුන්ගේ ඉරියව්වෙහි සැලකිය යුතු දියුණුවක් අත්විඳීමට හැකියාව ලබී තිබෙනේවා.

    MGM Health Care කළමනාකාරිත්වය පවසන්නේ ඔවුන් මෙවැනි තීරණාත්මක අවස්ථා 10 ක් සම්පූර්ණ කර ඇති අතර, ඔවුන් සියල්ලන්ම සාමාන්‍ය ජීවන තත්වයකට සහ පාසල් අධ්‍යාපනයට, ක්‍රීඩා කිරීමට සහ රිය පැදවීමට ද හැකියාව ලැබී ඇති බවයි. වැඩි විස්තර සඳහා 077 3679122 අංකයෙන් ශ්‍රී ලංකා MGM නියෝජිත කාර්යාලය හා සම්බන්ධ විය හැක. පසුගිය වසර පුරා MGM Health Care හි සායනික විශේෂඥ කණ්ඩායම විශ්වාසය සහ සායනික විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා නව්‍ය සහ සංකීර්ණ සැත්කම් රාශියක් සිදු කර ඇත. MGM Health Care රෝහල් ජාලය නවීනතම තාක්‍ෂණයෙන් සහ උපකරණවලින් සමන්විතව නිර්මාණය කර ඇති අතර දේශීය හා ජාත්‍යන්තර රෝගීන්ගේ කේන්ද්‍රීයත්වය සහ සායනික විශිෂ්ටත්වය මෙහෙයවීමට සූදානම්ව සිටි.