අද වෙන්දේසියේ දී බිල් පොලී බසී

    October, 9, 2024

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (09) දින කැඳවන ලබ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී බර තබන ලද ඵලදා අනුපාතිකයන් හි සැලකිය යුතු පහළ යාමක් වාර්තා වී තිබේ.

    එහිදී දින 91 බිල්පත් පොළිය 10.06% සිට 9.69% ක් දක්වා පදනම් අංක 37 කින්, දින 182 බිල්පත් පොලිය 10.37% සිට 9.95% ක් දක්වා පදනම් අංක 42 කින් සහ දින 364 බිල්පත් පොලිය 10.04% සිට 10.00% ක් දක්වා පදනම් අංක 4 කින් බැගිව් පහළ ගොස් ඇත.

    මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 85,000 ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ර. මිලියන 243,021 ක ලංසු ප්‍රමාණයක් ඊට ලැබී තිබුණි.

    වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 85,000 ක ලංසු පිළිගැනීමට එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

    මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.