සරත් ගනේගොඩ ශ්‍රීලංකන් සභාපති ධූරයට

    October, 10, 2024

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස සරත් ගනේගොඩ මහතා ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.

    මේ අතර, ඔහුගේ ප්‍රධානත්වයෙන් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත් කර ඇති අතර එම නව අධ්‍යක්ෂ මණ්ඩලය පහත පරිදි වේ.

    1. සරත් ගනේගොඩ මහතා (සභාපති)
    2. බුද්ධික හේවාවසම් මහතා
    3. සුගත් රාජපක්ෂ මහතා
    4. එරංග රොහාන් පීරිස් ගුණතිලක මහතා
    5. ඩී. අරන්දර මහතා
    6. ආනන්ද අතුකෝරළ මහතා
    7. ලක්මාල් රත්නායක මහතා
    8. නිරංජන් අරුල්ප්‍රගාසම් මහතා

    ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ගනේගොඩ මහතා මේ වන විට Hayleys PLC හි සමූහයේ විධායක අධ්‍යක්ෂ ලෙස සහ Alumex PLC හි නියෝජ්‍ය සභාපති ලෙස කටයුතු කරයි.

    ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය හි සාමාජිකයෙකු මෙන්ම ඕස්ට්‍රේලියාවේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ද සාමාජිකයෙකු වන ගනේගොඩ මහතා  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් සිය ව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධිය (MBA) හදාරා ඇත.

    සරත් ගනේගොඩ මහතා ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි ද ප්‍රමුඛපෙලේ පෞද්ගලික ආයතන රැසක ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරු දැරු පුද්ගලයෙකු වේ.