October, 10, 2024
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ ඉහළ උච්ඡාවචනයන් අද දිනයේ දී නිරීක්ෂණය විය.
එහිදී පෙරවරු 9.30 ට ගනුදෙනු ආරම්භ වීමෙන් පසු පසුවරු 12.30 පමණ දක්වා කාලපරිච්ඡේදය තුළ දී ඒකක 100 ක් ඉක්මවූ ප්‍රමාණයකින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබෙනු දක්නට ලැබුණි.
ඒ වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,050 මට්ටමෙන් පහළ පැමිණ තිබුණු අතර එතැන් පටන් පස්වරු 2.30 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ නැවත වරක් ධනාත්මක ස්වභාවයක් පෙන්නුම් කෙරුණි.
දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ අගය දිනය අවසානයේ දී ඒකක 12,164.39 ක් දක්වා ඉහළ ගොස් තිබුණු එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 12.24 ක් ධනාත්මක වර්ධනයකි.

S&P SL20 අද දින ඒකක 7.33 ක වර්ධනයක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 3,600.88 ක් ලෙසින් සටහන් වුණි.
අද දින රු. බිලියන 1.59 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.
