October, 15, 2024
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සැපයුම්කරු වන ජනශක්ති ලයිෆ්, සිය නවතම ශාඛාව මතුගමදී විවෘත කරන ලදී. මෙම ශාඛාව මගින් ජීවිත රක්ෂණ සැලසුම් සහ සේවාවන් රැසක් පිරිනමන අතර පාරිභෝගිකයින්ට තමන්ට අවශ්‍ය රක්ෂණ සේවාවන් ඉතාමත් පහසුවෙන් දැන් ලබාගත හැක.
ජනශක්ති ලයිෆ් හි අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී නිරංජන් තංගරාජා මහතා විසින් උත්සව සභාව මෙහෙයවන ලද අතර ජනශක්ති ලයිෆ් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ සම්භාවනීය අමුත්තන් රැසක්ද මෙම සුවිශේෂී අවස්ථාව වර්ණවත් කිරීම සඳහා එක්වූහ.
පවුලක අනාගතය දීප්තිමත් සහ සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජීවිත රක්ෂණය කෙතරම් වැදගත් කාර්යභාරයක් ඉටුකරනවාද යන්න පිළිබඳ ලියනගේ මහතා මෙහිදී අවධාරණය කරන ලදී. ඔහු ප්‍රකාශ කළේ, "තම ආදරණීයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ සැළකිලිමත්වෙන ඕනෑම කෙනෙකුට ජීවිත රක්ෂණය අතිශය වැදගත් ආයෝජනයක්. මතුගම ශාඛාව විවෘත කිරීම නිසා අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ට අවශ්‍ය සේවාවන් ඉතාමත් පහසුවෙන් ලබාගැනීමටත්, කාර්ය මණ්ඩලයට කාර්යක්ෂම සේවාවක් ලබාදීමටත් අවශ්‍ය ඉඩකඩ සලසා දෙනවා. නවෝත්පාදනයන් සහ ගුණාත්මක පාරිභෝගික සේවාවක් සැපයීමෙන් අප ගොඩනඟා ගත් අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය නිසා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අපේක්ෂාවන් වෙත විශ්වාසයෙන් ලඟා වීමට මේ තුළින් හැකියාව හිමිවෙනවා." යනුවෙනි.
ජනශක්ති රක්ෂණ සමාගම සිය පාරිභෝගිකයින්ගේ සුවිශේෂී අවශ්‍යතා හඳුනාගනිමින් ඒ සඳහා සරිලන දීර්ඝ කාලීන විසඳුම් ලබාදීමට අඛණ්ඩව කැපවී සිටී. දීප ව්‍යාප්ත ශාඛා ජාලය නිසා, පාරිභෝගිකයින්ට ගුණාත්මක රක්ෂණ සේවාවන් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි බැවින් ඔවුන් සතු වටිනාම දේ ආරක්ෂා කරගැනීමට දැන් හැකියාව පවතී.
ශ්‍රී ලංකාව පුරා පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීමට සහ සිය ව්‍යාප්තිය පුළුල් කිරීමට ජනශක්ති සමාගම දරන අඛණ්ඩ උත්සාහය, මතුගම ශාඛාව විවෘත කිරීම තුළින් මනාව පිළිබිඹු වේ. මූල්‍ය අනාගතය සුරක්ෂිත කිරීමේ විශ්වාසවන්ත හවුල්කරුවෙකු ලෙස ජනශක්ති දිනා ඇති ස්ථාවරය මෙමඟින් තවදුරටත් ශක්තිමත් කෙරේ.

ජනශක්ති රක්ෂණ සමාගමේ මතුගම ශාඛාවේ සමාරම්භක අවස්ථාව

අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා උත්සව සභාව අමතමින්

නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී නිරංජන් තංගරාජා මහතා සභාව අමතමින්

සම්භාවනීය අමුත්තන්ගේ සපැමිණීම
ඡායාරූප විස්තරය - ජනශක්ති රක්ෂණ සමාගමේ කාර්ය මණ්ඩලය මතුගම ශාඛාව විවෘත කිරීමේ උත්සවය සමරමින්
Video Story