ගරුඩාගේ ලංකා ගමන් වැඩි කිරීමේ තීරණයක්

    May, 30, 2016

    ඉන්දුනීසියාව සහ ශී‍්‍ර ලංකාව අතර ගුවන් ගමන් වාර ප‍්‍රමාණය වැඩිකර ගැනීම පිළිබඳව අවධානය යොමුව තිබේ.

    පසුගියදා ජපානයේ පැවති G-7 සමුළුවට සහභාගීවීම සඳහා ජපානයට ගොස් සිටි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ඉන්දුනිසියා ජනාධිපති Joko widodo මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා ජපානයේ නගෝයා නගරයේදී පැවැත්වුණු එහිදී මෙම තීරණය ගෙන ඇත.

    ඉන්දුනීසියාව සහ ශී‍්‍ර ලංකාව අතර ගුවන් ගමන් වාර ප‍්‍රමාණය වැඩිකර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ඉන්දුනිසියානු ජාතික ගුවන් සේවය වන ගරුඩා ගුවන් සේවයට අයත් ශී‍්‍ර ලංකා ගුවන් ගමන් වාර ප‍්‍රමාණය ඉදිරියේදී ඉහළ නැංවීමට අවධානය යොමු කරන බව ඉන්දුනිසියානු ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    දෙරටේ රාජ්‍ය නායකයින් අතර ඉතා සුහදශීලි මට්ටමින් පැවති මෙම සාකච්ඡාවලදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.