NDB බැංකුව 2024 වසරේ “Asia Trusted Life Agents & Advisors Awards” සම්මාන උළෙලේදී වසරේ බැංකු සහකරු ලෙස සම්මානයට පාත‍්‍රවෙයි

    October, 18, 2024

    NDB බැංකුව සහ AIA ශ‍්‍රී ලංකා සමඟ එක්ව 2024 වසරේ Asia Trusted Life Agents & Advisors සම්මාන උළෙලේදී NDB - AIA බැංකු රක්ෂණ (Bancassurance) සහයෝගීතාවය වෙනුවෙන් වසරේ බැංකු හවුල්කරු ලෙස පිදුම් ලැබූ බව NDB බැංකුව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි. ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් මෙම ගෞරවය හිමි වූ ප‍්‍රථම අවස්ථාව ලෙස ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

    ඒෂියා ඉන්ෂුවරන්ස් රිවීව් (Asia Insurance Review), ඒෂියා ඇඞ්වයිසර්ස් නෙට්වර්ක් (Asia Advisors Network) සහ LIMRA (the Life Insurance Marketing and Research Association) එක්ව සංවිධානය කරනු ලබන මෙම Asia Trusted Life Agents & Advisors සම්මාන උළෙල ජීවිත රක්ෂණ සහ මූල්‍යමය උපදේශන ක්ෂේත‍්‍රයේ ඉතා අභිමානවත් සම්මාන උළෙලකි. සම්මානලාභීන් තෝරාපත් කරගැනීමේදී උපරිම විශ්වාසනීයත්වයක් සහ විනිවිදභාවයක් සහතික කරමින් ප‍්‍රධාන විධායක නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්, ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සහ විද්වතුන්ගෙන් සමන්විත කීර්තිමත් විනිසුරු මඬුල්ලක් විසින් දැඩි ඇඟයීමකින් අනතුරුව ජයග‍්‍රාහකයින් තෝරාගනු ලැබේ.

    NDB බැංකුව සහ AIA ශ‍්‍රී ලංකා අතර පවතින දිගු කාලීන බැංකු රක්ෂණ හවුල්කාරීත්වයේ කැපී පෙනෙන ශක්තිය, වටිනාකම සහ තිරසාර ස්වභාවය මෙම සම්මානය මඟින් ඇඟයිමට ලක් කෙරේ. ගනුදෙනුකරුවන්ට බැංකු රක්ෂණ  විසඳුම් පිරිනමමින් ඔවුන්ට සුරක්ෂිත සහ මූල්‍යමය සැලසුම් අවශ්‍යතා බාධාවකින් තොරව සපුරාලීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකර ඇති   සාර්ථක සහයෝගීතාවය ප‍්‍රතිඵලය මෙම ජයග‍්‍රහණය තුලින් ඉස්මතු වේ.

    මෙම ජයග‍්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් NDB බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා පුළුල් වූ මූල්‍ය හා රක්ෂණ විසඳුම් සමඟින් ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීමේ දැක්ම අඛණ්ඩව ප‍්‍රදර්ශනය කරන AIA ආයතනය සමඟ පවතින මෙම හවුල්කාරිත්වය පිළිබඳ සිය ප‍්‍රශංසාව පළ කලේය. පාරිභෝගික කේන්ද‍්‍රස්ථාන ප‍්‍රවේශයක් සහ විශිෂ්ටත්වයක් ලබා දෙමින්, බැංකු රක්ෂණ  අවකාශය තුළ ඔවුන්ගේ සාර්ථකත්වය සඳහා දායක විම උදෙසා ආයතන දෙකෙහි පවතින සහජීවනය සහ කැපවීම මෙම සම්මානයෙන් සංකේතවත් වේ.

    NDB බැංකුව AIA ආයතනය සමඟ සිය සහයෝගීතාවය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන අතර, බැංකු රක්ෂණ සේවාවෙහි නව ප‍්‍රමිතීන් ස්ථාපිත කිරීම සහ නවෝත්පාදන සහ ඊට ගැළපෙන විසඳුම් හරහා සිය ගනුදෙනුකරුවන්ගේ අත්දැකීම් තවදුරටත් වැඩි දියුණු කිරීමට අරමුණු කරයි. වසර ගණනාවක සිට NDB බැංකුව සහ AIA විසින් හිමිකරගෙන ඇති විශ්වාසනීයත්වය පිළිඹිබු කරමින් ක්ෂේත‍්‍රය තුළ මෙම හවුල්කාරීත්වයේ බලපෑම මෙම සම්මානය තුළින් සාක්ෂි දරයි.

    NDB බැංකුව සිය ගනුදෙනුකරුවන්ට අසමසම වටිනාකමක් ලබා දීමට සහ උපායමාර්ගික හවුල්කාරීත්වයන් තුළින් සිය මූල්‍ය විශිෂ්ටත්වයේ දැක්ම තව දුරටත් ඉදිරියට ගෙනයෑමට කැපවී සිටියී.

     

    ඡායාරූප විස්තරය - (පින්තූරය - වමේ සිට දකුණට) සියාන් හමීඞ් - උප සභාපති, ශාඛා ජාල කළමනාකරණය සහ නිෂ්පාදන සංවර්ධනය, NDB බැංකුව/ සංජය පෙරේරා - ජෙෂ්ඨ උප සභාපති, පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික අත්දැකීම්, NDB බැංකුව/ කැලූම් එදිරිසිංහ - අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී, NDB බැංකුව/ චතුරි මුණවීර - ප‍්‍රධාන විධායක නිලධාරී,AIA / සේනක රාජපක්ෂ-අධ්‍යක්ෂ හවුල්කාරිත්ව බෙදාහැරීම්/ප‍්‍රධාන හවුල්කාරිත්ව බෙදාහැරීම් නිලධාරී,AIA/ අසේල ලොකුගේ- සහකාර සාමාන්‍යාධිකාරී NDB - බෑන්ක්ඇෂුවරන්ස් AIA