October, 21, 2024
මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගක් වන ලංකා IOC සමාගම පසුගිය 2024 ජූලි - සැප්තැම්බර් කාර්තුවේ දී රු. බිලියන 2.52 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බව සඳහන් කරයි.
කෙසේවෙතත් මෙම ශුද්ධ ලාභ අගය, 2023 ජූලි - සැප්තරම්බර් කාර්තුවේ දී වාර්තා කරන ලද රු. බිලියන 5.05ට සාපේක්ෂව 50% ක පහළ යාමක් වේ.
පසුගිය කාර්තුවේ මෙම මූල්‍ය කාර්ය සාධනයක් සමඟම 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු භාගය සඳහා සමාගම විසින් වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය රු. බිලියන 6.30 ක් ලෙසින් සටහන්ව ඇත. මෙය 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු භාගයේ වාර්තා කර ඇති රු. බිලියන 7.50 ක ලාභ අගය හා සැසඳීමේ දී 16% ක පහළ බැසීමකි.
