ශ්‍රී ලංකාවේ ගමන් මඟ IMF පැසසුමට

    October, 22, 2024

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකු සමූහයේ 2024 වාර්ෂික රැස්වීම් මාලාව මේ දිනවල එක්සත් ජනපදයේ වොෂින්ටන්, ඩී.සී. හිදී පැවැත්වේ. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස හමුවිය.

    මෙම හමුවේදී IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් සඳහා සිය සහයෝගය ප්‍රකාශ කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහන යටතේ අත්පත් කරගත් දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කිරීමට රජය දක්වන කැපවීම අගය කර සිටියාය.

    ශ්‍රී ලංකාවේ ජනතාවට යහපත් අනාගතයක් ගොඩනැගීමට උපකාර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ කැපවීම ජෝර්ජියේවා මහත්මිය මෙහිදී අවධාරණය කළාය.