Fadna අරුණැල්ල සාර්ථකව අවසන්වේ

    October, 22, 2024

    දශක දෙකකට අධික කාලයක් ජාතියේ යහපැවැත්මට දායක වූ ශ්‍රීලංකාවේ කීර්තිමත් සන්නාමයක් වන Fadna සැමවිටම ශ්‍රීලංකාවේ සාමාජයීක වගකීම නොපිරිහෙලා බැදී සිටින දේශීය සන්නාමයක් වන අතර Fadna අරුණැල්ල සෞඛ්‍ය කඳවුර එම දැක්ම යථාර්තයක් බවට පෙරලමින් 49 වැනි Fadna අරුණැල්ල සෞඛ්‍ය කඳවුර පසුගියදා කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාමයේදී  සාර්ථකව පවත්වන ලදි. Fadna අරුණැල්ල සෞඛ්‍ය කඳවුර අවශ්‍යතා ඇති අයට නොමිලයේ සෞඛ්‍යය සේවාවන් සදහා දිනක් පුරා සංවිධානය කර තිබූ වැඩ සටහනකි.

    මෙම කඳවුර මගින් වයිද්‍ය උපදේශන සහ සෞඛ්‍ය පරීක්ෂණ වැඩමුළු රැසක් පිරිනමන ලදි. සෑම කෙනෙකුටම ගුණාත්මක සෞඛ්‍යය සේවා සහ ක්‍රියාකාරී නිරෝගී දිවියක් සදහා අවශ්‍ය සුවතා දැනුම සදහා ප්‍රවේශය ලැබියයුතු බව අප විශ්වාස කරන අතර Fadna අරුණැල්ල හරහා ශ්‍රී ලාංකීය සමාජයට ධනාත්මක බලපෑමක් ඇතිකිරීමට අවස්ථාවක් ලැබීම ගැන අප ආඩම්බර වෙමු යැයි Fadna නිර්මාතෘ චමේන්ද්‍ර සෝමතුංග මහතා එම අවස්ථාවේදී පැවසීය Fadna අරුණැල්ල සෞඛ්‍ය කඳවුරේ සාර්ථකත්වය සදහා කැස්බෑව හරිත මිත්‍රත්ව පදනම සංවිධානයෙන්ද ඩර්ඩ්න්ස් රෝහල සම්පත් දායකත්වයෙන්ද සම්බන්ධ විය.