සංචාරක උපදේශනයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ යම් හෝ සැකකටයුතු කටයුත්තක් දුටුවහොත් 119 දුරකථන අංකයට දැනුම්දෙන ලෙසයි.
October, 23, 2024
නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ ප්රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස අමෙරිකානු ජාතිකයින්ට සහ මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරින්ට මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා ඇත.
ඒ ආරුගම්බේ සංචාරක කලාපය ඉලක්ක කරගනිමින් ප්රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවට ඔවුන්ට ලද විශ්වාසනීය තොරතුරක් මතයි.
සංචාරක උපදේශනයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ යම් හෝ සැකකටයුතු කටයුත්තක් දුටුවහොත් 119 දුරකථන අංකයට දැනුම්දෙන ලෙසයි.