ලාභාංශ ගෙවීම් කර්යක්ෂම කිරීමට CDS සහ සම්පත් බැංකුව හවුල්කාරීත්වයකට එළඹෙයි

    October, 23, 2024

    මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) සහ සම්පත් බැංකුව කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ලැයිස්තුගත සමාගම් සඳහා ලාභාංශ බෙදාහැරීමේ සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සුවිශේෂී හවුල්කාරිත්වයකට එළඹ ඇත. CDS සහ සම්පත් බැංකුව යන ආයතන සතු විශේෂඥභාවය ඒකාබද්ධ කිරීම හරහා ප්‍රාග්ධන වෙළෙඳපොළ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ ලැයිස්තුගත සමාගම් සහ ආයෝජකයින්ගේ අත්දැකීම් ඉහළ නැංවීම මෙහි අරමුණ වේ.

    මෙම හවුල්කාරීත්වය සේවා ගිවිසුමක් හරහා විධිමත් කරන අතර, ඒ යටතේ සම්පත් බැංකුව ගනුදෙනු බැංකුකරණය යටතේ මුදල් කළමනාකරණ පද්ධතිය හරහා සිය සම්පූර්ණ ලාභාංශ සේවාව ලබා දෙනු ඇත. CDS මෙම සේවාව තම ගනුදෙනුකරුවන් උදෙසා භාවිත කරනු ඇත. CSE ලැයිස්තුගත සමාගම්වලට ඔවුන්ගේ ලාභාංශ ගෙවීම් බාධාවකින් තොරව හැසිරවීමට මෙම සේවාව හරහා හැකි වනු ඇති අතර ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරු, චෙක්පත් හරහා ගෙවීම් සහ වෙනත් අභිරුචිකරණය කළ ක්‍රම ඇතුළු බහුවිධ බෙදා හැරීම් අවස්ථා ඒ හරහා පිරිනැමේ. සමාගම් සඳහා ලාභාංශ බෙදා හැරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ සහ ඒවායේ සමස්ත ආයෝජක සබඳතා ඉහළ නැංවීමේ තීරණාත්මක පියවරක් මෙම හවුල්කාරිත්වය හරහා පිළිඹිබු වේ.

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා මෙලෙස සිය අදහස් එක් කළේය. “මෙම සහයෝගීතාව හරහා ලැයිස්තුගත සමාගම්වලට සහ ඒවායේ කොටස් හිමියන්ට නවීන, කාර්යක්ෂම සේවාවක් සැපයේ. සමාගම් සඳහා පරිපාලන ක්‍රියාවලිය විධිමත් කරමින් ඒවායේ මූලික මෙහෙයුම් කෙරෙහි අවධානය යොමු කිරීමට එමඟින් ඉඩ සැලසේ. ප්‍රමාදයන් සහ දෝෂ අවම වඩාත් ඉක්මන්, සෘජු හුවමාරු හරහා කොටස් හිමියන්ට ප්‍රතිලාභ හිමිවනු ඇත. මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම්වල ලාභාංශ බෙදා හැරීම සඳහා නව මානයක් සකස් කරන අතර අනෙකුත් ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු සමඟ ඇති සමාන ගිවිසුම් මඟින් තවදුරටත් එයට සහාය හිමි වනු ඇත.”

    සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය මෙලෙස අදහස් දැක්වුවාය.  “බාධාවකින් තොරව සහ කාර්යක්ෂමව ලාභාංශ ගෙවීමේ සේවාවක් ලබා දීම සඳහා CDS සමඟ කටයුතු කරන්නට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළේ විකාශනය වන අවශ්‍යතා සඳහා සහාය වන නව්‍ය මුදල් කළමනාකරණ සේවා සැපයීම සඳහා වන අපගේ කැපවීම මෙම සහයෝගීතාවය මඟින් ශක්තිමත් කරයි. CDS සමඟ එක්ව, අපගේ මූල්‍ය පද්ධතියේ වර්ධනය ඉදිරියට ගෙන යමින් ලැයිස්තුගත සමාගම් සහ ඒවායේ ආයෝජකයින් සඳහා අත්දැකීම් ඉහළ නැංවීම අපගේ අරමුණයි.”

    ඡායාරූපය;

    (ඉහළ වමේ සිට දකුණට) සම්පත් බැංකුවේ ජාල සේවා මධ්‍යස්ථානයේ ප්‍රධානී, නලින් ලියනගේ මහතා; ගනුදෙනු බැංකුකරණ, ව්‍යාපාර සේවා කළමනාකරු, හසික කුලරත්න මහතා; CDSවිද්‍යුත් අනුකූලතා සහ අවදානම් ප්‍රධාන සහකාර කළමනාකරු, රුචිරා ජයසිංහ මහත්මිය CSE, කණ්ඩායම් අනුකූලතා මෙහෙයුම් සහකාර කළමනාකාරිනී, ට්‍රිෂානි ඇලෙක්සැන්ඩර් මහත්මිය; CSE, නීති, බලාත්මක කිරීම් සහ අනුකූලතා ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි, ලංකේෂා මොලිගොඩ මහත්මිය; CDS, ආයෝජන මෙහෙයුම් සහ පර්යේෂණ හා සංවර්ධන උපාය මාර්ගජ්‍යෙෂ්ඨ සහකාර කළමනාකාරිනී/ව්‍යාපෘති ප්‍රධානී, වින්ධ්‍යා කොලඹගේ මහත්මිය.

    (පහළ වමේ සිට දකුණට) CDS සාංගමික සේවා සහ පාරිභෝගික සම්බන්ධතා ජ්‍යෙෂ්ඨ සහකාර කළමනාකරු, හේමාල් වීරසිංහ මහතා; CDS ප්‍රධානී, නදීර අතුකෝරාල මහතා; CSE මූල්‍ය සහ පරිපාලන ජ්‍යෙෂ්ඨ උප සභාපති, කුසල් නිස්සංක මහතා; CSE ප්‍රධාන වෙළඳපොළ මෙහෙයුම් නිලධාරී, චන්ද්‍රකාන්ත් ජයසිංහ මහතා; රජීව බණ්ඩාරනායක මහතා, CSE; සම්පත් බැංකුවේ ප්‍රධාන කළමනාකරණ අධ්‍යක්ෂක, අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය; සම්පත් බැංකුවේ ප්‍රධාන උපායමාර්ගික නිලධාරී, සංජය ගුණවර්ධන මහතා ; සම්පත් බැංකුවේ ගනුදෙනු බැංකුකරණ සහ  විදේශ ප්‍රේෂණ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, රාජේන්ද්‍ර රණසිංහ මහතා; සම්පත් බැංකුවේ ගනුදෙනු බැංකු කළමනාකරු, භාතිය හෙට්ටිආරච්චි මහතා; සම්පත් බැංකුවේ ගනුදෙනු බැංකුකරණ, මුදල් කළමනාකරණ සහ ඒකීකරණ කළමනාකාරිනී, නිලීෂා පොන්නම්පෙරුම මහත්මිය