සංචාරක පැමිණීම පහළොස් ලක්ෂ හැත්තෑදහස ඉක්මවයි

    October, 24, 2024

    2024 ඔක්තෝම්බර් මාසයේ පළමු දින 20 තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 85,836ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම වාර්තාව මගින් පෙන්වා දෙයි.

    ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,570,644ක් ලෙසයි.

    ඔක්තෝම්බර් මාසයේ පළමු දින 20 තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 23,677ක් ලෙස දැක්වෙයි.