October, 25, 2024
ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය පරිගණක සමාජය මගින් 26 වන වරටත් සංවිධානය කල, 2024 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන රාත්‍රියේ දී හොඳම තොරතුරු තාක්ෂණ සමාගම ලෙස සමස්ත රන් සම්මානයේ කිරුල දිනා ගැනීමට එපික් ලංකා පුද්ගලික සමාගම සමත් විය.
මූල්‍ය තාක්ෂණ විසඳුම් සහ ඩිජිටල් පරිවර්තනයේ ශ්‍රී ලාංකේය පුරෝගාමියා වන එපික් ලංකා පුද්ගලික සමාගම මෙලෙස සමස්ත රන් සම්මානය දිනා ගත් පස්වන අවස්ථාව මෙය යි.
එමෙන්ම NBQSA රාත්‍රියෙහි වැඩිම ඇගයීම් සංඛ්‍යාවක් දිනා ගැනීමට සහ, වසරේ AI තාක්ෂණය සඳහා වන විශේෂ සම්මානය දිනා ගැනීමට ද එම සමාගම සමත් විය.

Video Story