NDB මෙම උත්සව සමයේ නත්තල් සීයා ඔබේ නිවසටම රැගෙන එයි

    October, 28, 2024

    NDB බැංකුව, වසර ගණනාවක් පුරා අඛණ්ඩව රැගෙන ආ සම්ප‍්‍රදාය මෙවරත් අලූත් කරමින්, නත්තල් සීයා තම ගණුදෙනුකරුවන්ගේ නිවසටම රැගෙන විත් ඔවුන්ගේ උත්සව සමය අමතක නොවන්නක් කිරීමට මෙවරත් සූදානම් බව සතුටින් ප‍්‍රකාශ කර සිටී. පවුලේ අය හා නිවාඩු කාලය අමතක නොවන ලෙස ගත කිරීමේ අවස්ථාව ඔබට උදා කර දීමට, 2024 ඔක්තෝම්බර් 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ NDB බැංකුව ඔබේ නිවසට නත්තල් සීයා රැගෙන ඒමට සූදානම්.

    දෙමාපියන් හට රු. 50,000/- ක් හෝ ඊට වැඩි මුදලක් ඔවුන්ගේ දරුවාගේ NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුමට තැන්පත් කර මෙම අගනා අවස්ථාවට සහභාගී විය හැකි අතර සිදු කරන ලද තැන්පතුව වෙනුවෙන් ඔබේ දරුවාගේ කැමැත්ත පරිදි විශේෂ තෑග්ගක් තෝරා ගත හැක. සුවිශේෂීත්වය වන්නේ එම තෑග්ග ඔබේ දරුවා වෙත ලබා දීම සිදු කරන්නේ නිවසට පැමිණෙන නත්තල් සීයා විසිනි. මෙම අත්දැකීම දරුවන්ට ඔවුන්ගේ උත්සව සමය වඩාත් සුවිශේෂී කිරීමට සහාය වන අතර, සතුට සමඟින් අමතක නොවන අත්දැකීමක් ලබා දෙයි.

    NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුම, තාරුණ්‍යයේ පසුවන ඉතිරිකරන්නන් හට මූල්‍යමය වශයෙන් සුරක්ෂිත අනාගතයක් ලබා දීම මනසේ තබාගෙන නිර්මාණය කරන ලද ආකර්ශණීය ප‍්‍රතිලාභ රැසක් පිරිනමන සුවිශේෂී ගිණුමකි. මෙයට ද්විත්ව පොලී අනුපාත, විශේෂ ත්‍යාගයන් , නොමිලේ රෝහල්ගත වීමේ ආවරණ සහ ජීවිත රක්ෂණ ආවරණය ඇතුළත් වේ. තවද, 5 ශේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සහ අ.පො.ස.සා/පෙළ විභාගය විභාගයෙන් උසස් දස්කම් දක්වන දරුවන් සඳහා විශේෂ ප‍්‍රසාද දීමනා සමඟින් ත්‍යාග පිරිනමයි.

    NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුමට තැන්පතු සිදු කිරීමෙන්, දෙමාපියන් හට දිගුකාලීන ඉතිරිකිරීම් දිරිමත් කිරීම සඳහා ආකර්ශණීය පොලී අනුපාතයන් ලැබෙනවා පමණක් නොව, දරුවන් හට කුඩා කාලයේ සිටම මූල්‍ය සැලසුම්කරණයේ වැදගත්කම සහ උද්යෝගය ඇති කරයි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන දරුවන්ගේ මූල්‍ය ස්වාධීනත්වය තුළින් ඔවුන්ට මූල්‍යමය වශයෙන් සුරක්ෂිත හෙටක් සහ ආකර්ශණීය ප‍්‍රතිලාභ රැසක් ලබාදීම උදෙසා NDB බැංකුව දරන තවත් එක් උත්සාහයකි .

    ආකර්ශණීය ප‍්‍රතිලාභයන් රැසකින් සමන්විත, NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුම,  ඕනෑම NDB ශාඛාවකින් පහසුවෙන් විවෘත කළ හැක. මෙම ආකර්ෂණීය ප‍්‍රවර්ධන වැඩසටහන ගැන හෝ NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුම පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා කරුණාකර 011 744 88 88 අමතන්න.

    NDB බැංකුව සමඟින් මේ උත්සව සමය අමතක නොවන ලෙස ගත කරන්නට, ඔබේ නිවසට සතුට විනෝදය රැගෙන පැමිණෙන නත්තල් සීයාව පිළිගැනීමට සැරසෙන්න.