වැට් සංශෝධනය ව්‍යාකූලයි – FCCISL සභාපති කියයි

    June, 1, 2016

    නව වැට් බදු සංශෝධනය හේතුවෙන් මේ වන විට ව්‍යාකූලත්වයක් පැන නැඟී ඇතැයි ලංකා කර්මාන්ත හා වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති සරත් කහපොලආරච්චි මහතා පැවසීය. කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කියා සිටියේය.

    වැට් බදු අය කිරීම සම්බන්ධයෙන් නිවැරදි අර්ථකථනයක් රජයෙන් මෙතෙක් ලැබී නැති බවත් මෙම තත්ත්වය තුළ වෙළෙඳපොළේ භාණ්ඩ මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

    “ලංකාවට භාණ්ඩයක් ආනයනය කිරීමේ දී වරායෙන් 15% ක් වැට් අය කරනවා. එය වෙළෙඳපොළට ආවාම තොග වෙළෙන්ඳා 15% ක් අයකරනවා. සිල්ලර වෙළෙන්ඳා මෙය ලබා ගන්න කොට 30% ක් එකතු වෙලා කියලා කතබහ තියෙනවා. වැට් බද්ද අය කළ යුත්තේ කුමන ආකාරයටකට කියලා කවුරුවත් දන්නේ නැහැ. රජයෙන් අපි ඉල්ලීමක් කරනවා වහාම මේ බව මහජනතාව දැනුවත් කරන්න“, යැයි ලංකා කර්මාන්ත හා වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති සරත් කහපොලආරච්චි මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    https://www.youtube.com/watch?v=nlSYXRp2MUM