ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි පෙරළියක් ඇති කරමින් INSEE සිමෙන්ති විසින් “INSEE Nawa Niwasa” ජංගම දුරකථන ඇප් එක එළි දක්වයි

    October, 28, 2024

    INSEE සිමෙන්ති විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන මෙම INSEE Nawa Niwasa ජංගම දුරකථන ඇප් එක යනු අපේ පාරිභෝගිකයින්ගේ සියලු ම ඉදිකිරීම් පහසු කරලීම වෙනුවෙන් සැකසුණු නවතම ඩිජිටල් වේදිකාව වේ. මෙම ඇප් එක මගින් ඉදිකිරීම් ක්‍රියාවලියේ දී අවශ්‍ය වන අත්‍යාවශ්‍ය සේවාවන්, අමුද්‍රව්‍ය සහ විශේෂඥ මග පෙන්වීම යන පහසුකම් සියල්ල අපේ පාරිභෝගිකයින්ගේ අත්ල මතට ම ගෙන එනු ඇත. මෙම ඇප් එක භාවිතා කරමින් නිවෙස් හිමියන්ට, ගෘහ නිර්මාණ ශිල්පීන්ට, පෙදරේරුවන්ට සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අයත් අනෙකුත් සෑම දෙනෙකුට ම දැන් ඔවුන්ගේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය සියලුම දෑ ඉක්මනින්, කාර්යක්ෂමව සහ විශ්වාසයෙන් යුතුව ඔවුන් ළඟට ම ගෙන්වා ගත හැකිය.

    සහ විශ්වාසවන්ත සැපයුම්කරුවන් සමග සම්බන්ධ කරනු ලැබේ. ඉන් පරිශීලකයින්ට INSEE සිමෙන්ති සහ උසස්ම තත්ත්වයේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය භාවිතා කිරීමට ද අවස්ථාව හිමි වනු ඇත. මෙම ඇප් එක මගින් ව්‍යාපෘති කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය සරල කරන නිසා, පරිශීලකයින්ට ඔවුන් නිවසක් තැනුවත්, විශාල ව්‍යාපෘතියක් අධීක්ෂණය කළත්, කිසිදු බාධාවකින් තොරව තම ව්‍යාපෘතීන් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

    INSEE සිමෙන්ති සමාගමේ වාණිජ අධ්‍යක්ෂ, සෆීඛන් සිද්දීක් මහතා විසින් මෙම ඇප් එකෙන් හිමි වන ප්‍රතිලාභ මෙසේ විස්තර කරන ලදි.

    "නිවාස හිමියන්, ඉදිකිරීම් කරුවන් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් විසින් හොඳ තත්වයේ අමුද්‍රව්‍ය ලබාගැනීමේ සිට සාර්ථකව ව්‍යාපෘතියක් සම්බන්ධීකරණය කිරීම දක්වා විවිධ අදියරවල දී මුහුණ දෙන අභියෝග පිළිබඳ ව අප හොඳින් ම දනිමු. INSEE Nawa Niwasa ඇප් එක යනු මෙම සියලු ම ආකාරයේ ගැටලුවලට අප ලබා දෙන විසඳුමයි. මෙම ඇප් එක විසින් ඕනෑම අයකුට ඉදිකිරීම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව, පහසුවෙන් සහ බාධාවකින් තොරව සිදු කිරීමට සහය වනු ඇත. නිවෙස් හිමියන්, පෙදරේරුවන් සහ අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් යන පාර්ශව සියල්ල ම එක ඩිජිටල් වේදිකාවක් මතට ගෙන ඒම මගින්, අපගේ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ව්‍යාපෘති විශ්වාසයෙන් යුතුව සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත."

    INSEE Nawa Niwasa ඇප් එක මගින් නිවෙස් හිමිකරුවන් සහ ඉදි කරන්නන් වෙත ඉදිකිරීම් සේවා සහ විශේෂඥ උපදෙස් ලබා දීම හරහා, ඉදිකිරීම් ක්‍රියාවලියේ දී පැන නැගිය හැකි ගැටලුවලට සාර්ථකව විසඳුම් ලබා දී ඇත. මෙම ඇප් එක මගින් ඉදිකිරීම් ක්‍රියාවලිය වඩාත් සුමට කර ඇත. ඇප් එක තුල ප්‍රමාණ බිල්පත් (BOQ) ගණනය කිරීම සහ කොන්ක්‍රීට් දැමීමට සුදුසු කාලගුණික තත්ත්ව පිළිබඳ උපදෙස් ලබා දීම වැනි උසස් තත්ත්වයේ ව්‍යාපෘති කළමනාකරණ මෙවලම් ද ඇතුලත් කර ඇත.

    මෙම ඇප් එක හරහා පරිශීලකයින්ට INSEE සිමෙන්ති නිෂ්පාදන සහ උසස්ම තත්ත්වයේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය අන්තර්ජාලය ඔස්සේ මිල දී ගැනීමට හැකියාව ඇති අතර, ඒවා ඕනෑම ආකාරයක ස්ථානයකට ගෙන්වා ගැනීමේ පහසුකම ද මෙහි අඩංගු වේ. ඊට අමතරව පැමිණිලි භාර ගැනීමට, තාක්ෂණික සහය ලබා දීමට සහ තම ගැටළුවලට ඉක්මනින් පිලිතුරු ලබා දීම සඳහා වන මිත්‍රශීලී පාරිභෝගික සේවාවකින්ද මෙම ඇප් එක සමන්විත ය. ඒ වගේම ඇප් එක තුල ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධ දෑ ගැන විවිධාකාර තොරතුරු ඇතුළත් වන නිසා, පරිශීලකයින්ට මෙම ක්ෂේත්‍රය ගැන හොඳ දැනුමක් ලබා ගැනීමට හැකිවනු ඇත.

    INSEE Nawa Niwasa ඇප් එක ඔබට Google Play Store සහ Apple App Store යන දෙකෙන් ම බාගත කර ගත හැකිය. වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවලට අනුව දිගින් දිගටම මෙම වේදිකාව යාවත්කාලීන කිරීමට INSEE සිමෙන්ති පොරොන්දු වේ.