October, 29, 2024
ජනශක්ති සමූහ ව්‍යාපාරය (JXG) ‘පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය’ නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය සේවා සම්පාදකයෙකු වන ‘ආසිරි හෙල්ත්’ සමග එක් වී විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු කළේ ය. ඔක්තෝබර් මාසයේදී පැවැත්වුණු මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ යුධ හමුදා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක වන වෛද්‍ය තත්යා ද සිල්වා විසිනි. පියයුරු පිළිකාව සම්බන්ධයෙන් ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන් දැනුවත් කිරීම සහ රැකියා ස්ථානය තුළ සුභවාදී ආකල්ප ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය. සිය කාර්ය මණ්ඩලයේ යහපත වෙනුවෙන් මෙවැනි වැඩසටහන් නිරන්තරයෙන් සංවිධානය කිරීමට ජනශක්ති සමූහ ව්‍යාපාරය කටයුතු කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛන අනුව පියයුරු පිළිකාව මෙරට මෙන්ම ලොව පුරා කාන්තාවන් අතර බහුලවම වාර්තා වන පිළිකා වර්ගය ලෙස සැලකේ. 2021 වසරේදී ජාතික පිළිකා ලියාපදිංචි ලේඛනයට ඇතුළත් වූ දත්ත දෙස බලන විට පෙනී යන්නේ, කාන්තාවන් අතර වාර්තා වූ පිළිකා අතරින් 27% ක්ම පියයුරු පිළිකා බවයි. එම වසරේදී වාර්තා වූ සමස්ත කාන්තා පියයුරු පිළිකා රෝගීන් සංඛ්‍යාව 5,485 කි. මීට අමතරව පිරිමින් අතරද පියයුරු පිළිකා සිද්ධි 124 ක් වාර්තා වී තිබිණි. පසුගිය කාලය තුළ වසරක් පාසා පියයුරු පිළිකා වාර්තා වීම ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.
ඔක්තෝබර් මාසය ලොව පුරා ‘පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය’ ලෙස සලකනු ලබන අතර, මෙම මාතෘකාව සම්බන්ධයෙන් සිය කාර්ය මණ්ඩලය තුළ මෙන්ම බාහිර සමාජය තුළ ඵලදායී කතිකාවක් නිර්මාණය කිරීමට ජනශක්ති සමූහ ව්‍යාපාරය උත්සාහ කරමින් සිටී.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් ජනශක්ති සමූහ ව්‍යාපාරයේ, සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී වසන්ති ස්ටීවන් මහත්මිය මෙසේ අදහස් පළකළා ය. “අපගේ කාර්ය මණ්ඩලයේ මෙන්ම පොදු සමාජයේ යහපත වෙනුවෙන් අප දක්වන කැපවීමෙහි තවත් පියවරක් වශයෙන් මෙබඳු වැඩසටහනක් සංවිධානය කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙහිදී අපගේ අරමුණ වූයේ, පියයුරු පිළිකා කල්තබා හඳුනා ගැනීමේ සහ වළක්වා ගැනීමේ වැදගත්කම ඔවුන්ට පෙන්වා දීම සහ ඒ සඳහා අවශ්‍ය සම්පත් හා සහයෝගය ඔවුන් වෙත ලබාදීමයි. මෙය හුදෙක් පුද්ගල සෞඛ්‍යය ඉලක්ක කරගත් වැඩසටහනක් නොව, රටේම ජනතාව දැනුවත් කිරීමේ ජාතික මෙහෙවරක එක් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. ඒ ඔස්සේ පියයුරු පිළිකාව පිළිබඳව වඩාත් පැහැදිලි අවබෝධයක් සහිත සමාජයක් සහ, ඒ සම්බන්ධ සහයෝගය අවශ්‍ය අයට එම සහයෝගය ලබාගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අපට හැකි වේවි. අපගේ මේ උත්සාහයේ පරමාර්ථය වන්නේ දැනුමෙන් හා දයාවෙන් පිරුණු සමාජයක් බිහිකිරීමයි. ඒ සඳහා හුදෙක් අපගේ ආයතනයට හා එහි කාර්ය මණ්ඩලයට සීමා නොවී මුළුමහත් දේශයේම යහපත වෙනුවෙන් කැපවීමට අප සූදානම්.”
“විශේෂයෙන්ම පිළිකාව සම්බන්ධයෙන් ඇති සමාජයීය දුර්මත බිඳ දමමින්, සෑම කෙනෙකුටම තම අත්දැකීම් විවෘතව බෙදාගැනීමටත්, අවශ්‍ය අවස්ථාවල නිසි සහයෝගය ලබාගැනීමටත් හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වනවා. පියයුරු පිළිකාව යනු ශ්‍රී ලාංකික කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා වාර්ගයක්. එය කල්තබා හඳුනා ගැනීම සහ වළක්වා ගැනීම සඳහා අප හැකි සෑම පියවරක්ම ගත යුතුයි. මූල්‍ය සේවා ක්ෂේත්රයේ දශක 3 කට අධික පළපුරුද්දක් සහිත වගකීම්සහගත සමාගමක් වශයෙන්, සියලුම මට්ටම්වල සේවක සේවිකාවන් මෙම සත්කාරයට සම්බන්ධ කරගෙන, සමාජය තුළ යහපත් වෙනසක් ඇතිකිරීමට අප සෑම විටම උත්සාහ කරනවා.” වසන්ති ස්ටීවන් මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ තේමාව වන "Stronger Together, Stronger Than Ever” යන්නට සමගාමීව, මෙම වැඩසටහනට එම සමූහ ව්‍යාපාරයේ සියලුම අංශ සම්බන්ධ කරගන්නා ලදි. ඒ අනුව Janashakthi Insurance, First Capital Holdings සහ Orient Finance PLC ඇතුළු සියලුම ව්‍යාපාර ඒකකවල සාමාජික සාමාජිකාවෝ මෙම වැඩසටහනට සහභාගී වූහ. මෙවැනි වැඩසටහන් ඔස්සේ සිය සාමාජික සාමාජිකාවන් දැනුවත් කරන අතරම වර්ධනය හා සවිබල ගැන්වීම කේන්ද්‍ර කරගත් යහපත් ආයතනික සංස්කෘතියක් ගොඩනැංවීම ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අරමුණ වී තිබේ.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය තත්යා ද සිල්වා මහත්මිය වෙබ් සැසිය පවත්වමින්
විශේෂඥ ශල්‍ය වෛද්‍ය තත්යා ද සිල්වා මහත්මිය වෙබ් සැසිය පවත්වමින්
ඡායාරූප විස්තරය : ජනශක්ති සමූහ ව්‍යාපාරයේ, සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී වසන්ති ස්ටීවන් මහත්මිය විසින්, විශේෂඥ ශල්‍ය වෛද්‍ය තත්යා ද සිල්වා මහත්මිය වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූ අවස්ථාව. මෙම අවස්ථාවට ජනශක්ති සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන අලෙවි නිලධාරී ගාමික ද සිල්වා මහතා ඇතුළුව එම සමූහයේ තවත් නියෝජිත පිරිසක්ද, ආසිරි හෙල්ත් සමාගමේ නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.
Video Story