October, 29, 2024
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා පැවති විශේෂ උත්සවයකදී, ලොව නවීනතම තාක්ෂණය මෙරටට හඳුන්වා දීමේ උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නවතම iPhone 16 දුරකථන පෙළ පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීමට කටයුතු කළේ ය. මෙම අවස්ථාවට ප්රමුඛ පෙළේ පාරිභෝගිකයන්, විශේෂ ආරාධිත අමුත්තන් සහ විශේෂ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, මෙය Apple වැනි කීර්තිමත් ගෝලීය සන්නාම සමග පවත්වාගෙන යන හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරගන්නා අතරම දීර්ඝකාලීන ගනුදෙනුකරුවන් අගය කිරීම සඳහා SLT-MOBITEL දක්වන උනන්දුව මැනවින් සංකේතවත් කළ අවස්ථාවක් විය.
මෙම සුවිශේෂී උත්සවයේදී, පාරිභෝගිකයන් විසින් කල්තබා ඇණවුම්කරන ලද iPhone 16 දුරකථන පෙළ අදාළ පාරිභෝගිකයන් වෙත භාරදීමද සිදු විය. උත්සවයට සහභාගී වූ සියලුම දෙනාට එහිදී Apple සමාගමේ මෙම නවතම නවෝත්පාදනයේ අපූර්වත්වය අත්විඳීමටත්, iPhone 16 දුරකථනවලට ඇතුළත් විශේෂාංග පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමටත් අවස්ථාව ලැබිණි. මීට අමතරව නව iPhone 16 මාදිලි එකතුව පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් උත්සවයට සහභාගී වූ පිරිස වෙත ලබා දීම සඳහා, පුළුල් මට්ටමේ නිෂ්පාදන සමාලෝචනයක් (Product review) ද සිදුකරන ලදී.
මෙම උත්සවයේදී තාක්ෂණයේ අනාගතය මෙන්ම, තම අති නවීන ජාලය හරහා නවතම සොයාගැනීම් මෙන්ම විශිෂ්ට පාරිභෝගික අත්දැකීම් තිළිණ කිරීම සඳහා SLT-MOBITEL අවධානය යොමුකර තිබෙන ආකාරයද අවධාරණය කරන ලදී. මෙහිදී SLT-MOBITEL මේ වන විට දියත්කර ඇති, අනාගතයට ගැළපෙන 5G පරීක්ෂණ ජාලයට සම්බන්ධ වෙමින් iPhone 16 දුරකථනවල 5G තාක්ෂණික විශේෂාංග අත්හදා බැලීමට උත්සවයට සහභාගී වූවන්ට අවස්ථාව උදා වූ අතර, එය ඔවුන්ට ජංගම දුරකථන සම්බන්ධතා තාක්ෂණයේ අනාගතය කෙබඳු වනු ඇතිද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් ලබාගැනීම සඳහා ලැබුණු සුවිශේෂී අවස්ථාවක් විය.
මින් ඉදිරියට පාරිභෝගිකයන්ට SLT-MOBITEL වෙතින් iPhone 16 - 128GB, iPhone 16 Pro - 128GB, iPhone 16 Pro - 256GB සහ iPhone 16 Pro Max - 256GB යන දුරකථන මාදිලි මිලදී ගැනීමට හැකි වනු ඇත. එමෙන්ම eSIM භාවිතා කරන්නන් වෙනුවෙන් හඳුන්වා දී ඇති, මසකට 200GB මගින් මාස 3 ක කාලය සඳහා 600GB හිමි වන ඩේටා පැකේජය වැනි විශේෂ ඩේටා පැකේජ සහ වෙනත් සුවිශේෂී ප්රතිලාභ පාරිභෝගිකයන් වෙත පිරිනැමීමටද SLT-MOBITEL පියවර ගෙන තිබේ. iPhone 16 පෙර-ඇණවුම් කළ පාරිභෝගිකයන්ට එම දුරකථන සඳහා වසර 2 ක වගකීමක්ද හිමි වේ.
මීට අමතරව, පෙර-ඇණවුම් ලබාදුන් මුල්ම පාරිභෝගිකයන් 10 දෙනාට අමතර උපාංග මෙන්ම, හදිසි අනතුරු මගින් දුරකථනයට සිදු විය හැකි හානි අවම කිරීම සඳහා සහ දුරකථනවල ආරක්ෂාව සඳහා, එක් වරක් තම දුරකථනයේ දර්ශන තිරය අලුතින් යෙදීමේ අවස්ථාවක් සහ එක් වරක් පසුපස පැනලය අලුතින් යෙදීමේ අවස්ථාවක්ද ලබා දෙන ලදී.
මෙම දීමනා මගින් SLT-MOBITEL හි සේවා විශිෂ්ටත්වය පිළිබිඹු වන අතර, මේ ආකාරයට අමතර ප්රතිලාභ සහ ආරක්ෂාව හිමි වීම නිසා පාරිභෝගිකයින්ට සිය නව iPhone 16 දුරකථන රිසි සේ භාවිතා කිරීමට හැකි වනු ඇත.
උත්සවයට සහභාගී වූවන්ට iPhone 16 දුරකථන මාලාවේ නව විශේෂාංග අත්හදා බැලීමටත්, SLT-MOBITEL හි උසස් ජාල හැකියාවන් අත්විඳීමටත්, තමන් මෙන්ම තාක්ෂණය පිළිබඳව උනන්දු වන තවත් පිරිසක් සමග අදහස් හුවමාරු කරගැනීමටත් අවස්ථාව ලැබිණි.
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් SLT-MOBITEL තම වටිනා ගනුදෙනුකරුවන් සියලුම දෙනාට විශිෂ්ටතම පරිශීලක අත්දැකීමක් තිළිණ කිරීමේ අරමුණින් තම ජාලය වැඩිදියුණු කිරීම, සේවාවන් ඩිජිටල්කරණය කිරීම සහ සම්බන්ධතා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩව ආයෝජනයන් සිදුකරනු ඇත.
iPhone 16 මාදිලි පෙළ සහ SLT-MOBITEL මගින් හඳුන්වා දී ඇති දීමනා පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා කරුණාකර www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
Video Story