ඔක්තෝබරයේ දී රුපියලේ සැලකිය යුතු අතිප්‍රමාණයක්

    October, 31, 2024

    ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ කියා සිටී.

    වසර තුළ දී වූ සමස්ත අතිප්‍රමාණය වීම හා අනුරූපීව 2024 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු අතිප්‍රමාණය වීමක් වාර්තා කළේය.

    2024 වසරේ ඔක්තෝබර් මස 30 දක්වා වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 10.3කින් අතිප්‍රමාණය විය.

    මේ අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2024 වසරේ ඔක්තෝබර් මස 30 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, චීන යුවාන්, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.