කටුනායක පිටත්වීමේ පර්යන්තයේ මුදල් හුවමාරු ටෙන්ඩර් ගියේ මෙහෙමයි

    November, 6, 2024

    කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) පිටත්වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් කවුළු 05ක් ක්‍රියාත්මක කිරීම සඳහා සීමිත ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂ බැංකු සහ විදේශ ව්‍යහාර මුදල් ව්‍යාපාරයේ නියුක්ත සීමිත වෙළෙඳුන් වෙතින් ලංසු කැඳවා ඇත.
    ඒ සඳහා, ආයතන පහක් (05) විසින් ලංසු ඉදිරිපත් කර තිබේ.
    ඒ අනුව, තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව වසර 03ක කාල සීමාවක් සඳහා පහත සඳහන් ආයතන වෙත ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම පැවරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ නිර්දේශය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

    * කවුළු අංක 25 රුපියල් මිලියන 798.028 + බදු සහිත මුදලකට ලංකා බැංකුව වෙත
    * කවුළු අංක 02 රුපියල් මිලියන 633.662 + බදු සහිත මුදලකට සම්පත් බැංකුව වෙත
    * කවුළු අංක 04 රුපියල් මිලියන 381.364 + බදු සහිත මුදලකට කොමර්ෂල් බැංකුව වෙත
    * කවුළු අංක 10 රුපියල් මිලියන 299.064 + බදු සහිත මුදලකට තෝමස් කුක් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත
    * කවුළු අංක 11 රුපියල් මිලියන 225.689+ බදු සහිත මුදලකට හැටන් නැෂනල් බැංකුව වෙත