අඩු ආදායම්ලාභීන්ට චීන රජයේ ආධාර යටතේ නිවාස ඉදිකරන්න එන සමාගම් මෙන්න

    November, 6, 2024

    අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996ක් ඉදිකිරීම, පැකේජ 03ක් යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජය විසින් නම් කර ඇති ලංසුකරුවන් 08 දෙනෙකු වෙතින් ලංසු කැඳවා තිබේ. එම ලංසු ඇගයීමෙන් පසුව තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

    * පැකේජ 01 - මොරටුවේ නිවාස ඒකක 575ක් සහ කොට්ටාවේ නිවාස ඒකක 108ක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s China Railway 25th Bureau Group Co. Ltd වෙත ප්‍රදානය කිරීම.

    * පැකේජ 02 - දෙමටගොඩ නිවාස ඒකක 586ක් සහ මහරගම නිවාස ඒකක 112ක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s China Harbor Engineering Company Ltd වෙත ප්‍රදානය කිරීම.

    * පැකේජ 03 - පෑලියගොඩ නිවාස ඒකක 615ක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s Shanxi Construction Investment Group Co. Ltd. වෙත ප්‍රදානය කිරීම.