“Singapore Press Club” හා ශ්‍රීලංකන් ගුවන් සේවය අතර විශේෂ හමුවක්

    November, 8, 2024

    දිවයිනට පැමිණි සිංගප්පූරු පුවත්පත් සමාජයේ (Singapore Press Club) නියෝජිතයින් සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා අතර හමුවක් පසුගිය දා ශ්‍රීලංකන් ගුවන් සේවයේ කොළඹ පිහිටි කාර්යාලයේදී පැවැත්විණි.

    මෙහි දී කොළඹ සහ සිංගප්පූරුව අතර ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ක්‍රියාත්මක කරන ගුවන් මෙහෙයුම් පිළිබඳව ඔවුන්ව දැනුවත් කළේය.

    මෙම අවස්ථාවට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ නිලධාරීන් ද එක්ව සිටියහ. ශ්‍රීලංකන් ගුවන් සේවය දෙරට අතර සංචාරක සබඳතා නංවාලීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර, සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

    සිංගප්පූරු පුවත්පත් සමාජයේ නියෝජිත‍යෝ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් හමුවී සාකච්ඡා කළහ.

    එමෙන්ම ඔවුන් මෙරට සම්ප්‍රදායික හා සංස්කෘතික ආකර්ෂණීය ස්ථාන , දේශීය ආහාරපාන , සුන්දර වෙරළ තීරයන් , ස්වාභාවික මං පෙත් සහ සාප්පු සවාරි ඇතුළු විනෝදාස්වාද අංගයන් අත්විඳිනු ලැබීය. සිංගප්පූරු පුවත්පත් සමාජය (Singapore Press Club) යනු ඩිජිටල්, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මෙන්ම මහජන සම්බන්ධතා සහ ආයතනික සන්නිවේදනයන් ඇතුළුව සිංගප්පූරුවේ මාධ්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත ක්‍රියාකාරී සංවිධානයකි.