ශ්‍රී ලංකාව හා තුර්කිය අතර අවබෝධතා ගිවිසුමක්

    June, 9, 2016

    තුර්කි ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය ගරු මෙවුලුට් කවුසොග්ලු මහතා 2016 ජුනි මස ශ්‍රී ලංකාවේ සිදු කිරීමට නියමිත සංචාරය අතරතුර දී දෙරටේ විදේශ අමාත්‍යාංශ අතර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු, තොරතුරු හා ලිපිලේඛන හුවමාරු කරගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩලග අනුමැතිය හිමිව තිබේ.

    රාජ්‍ය තාන්ත්‍රික පුහුණුව, දේශපාලන, ආර්ථික, සංස්කෘතික හෝ වෙනත් ක්ෂේත්‍රවලදී රාජ්‍ය තාන්ත්‍රික පරිචය හා ජාත්‍යන්තර සබඳතාවන්ට අදාළ ජාත්‍යන්තර නීතිය සහ වෙනත් අධ්‍යයන ක්ෂේත්‍ර පිළිබඳ තොරතුරු හා ලිපිලේඛන දෙරටේ විදේශ අමාත්‍යාංශ අතර හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවක් වැඩිදියුණු කරගැනීම මඟින් ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර සමීප හා මිත්‍රශීලී සබඳතා තර කරගැනීම ඉහත ගිවිසුමට එළඹීමේ අරමුණයි.