සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව SLIM කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන සම්මාන උළෙල 2024 හරහා SLIM ආයතනය සමඟ අත්වැල් බැඳ ගනියි

    November, 13, 2024

    ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ SME ව්‍යවසායක ක්ෂේත‍්‍රය බලගැන්වීම උදෙසා සිය කැපවීම තව දුරටත් තහවුරු කරමින් NDB බැංකුව, කීර්තිමත් SLIM කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන සම්මාන උළෙල (SLIM SME Development Awards) සඳහා ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ සම්බන්ධ වී තිබේ. NDB බැංකුව මෙම සුවිශේෂී අවස්ථාව සඳහා නිල බැංකු හවුල්කරු ලෙස කටයුතු කරයි. අලෙවිකරණය, සන්නාමකරණය සහ විකුණුම් යන අංශයන් තුල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ කැපී පෙනෙන ජයග‍්‍රහණයන් ඇගයීම මෙම සම්මාන උළෙලේ අරමුණ වේ.

    සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත‍්‍රය නඟා සිටුවීම සඳහා දක්වන සහයෝගීතාවයේ ප‍්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, NDB බැංකුව සහ SLIM යන ආයතන දෙකෙහිම නියෝජිතවරුන්ගේ සහභාගීත්වයෙන් එහි නිල සැමරුම් උත්සවය පසුගිය දා පැවැත් විය.

    අලෙවිකරණය සහ සන්නාමකරණයේ කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කල සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත‍්‍රයේ ව්‍යවසායකයින් වෙනුවෙන් සම්මාන පිරිනැමීම අරමුණු කරගෙන ආරම්භ කල මෙම SLIM කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන සම්මාන උළෙලෙ SLIM ආයතනය මඟින් දියත් කල “Restart Sri Lanka” වැඩසටහනේ දිගුවක් ලෙස හැඳින්විය හැක. SLIM කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන සම්මාන උළෙල මෙම ක්ෂේත‍්‍රය තුල විශිෂ්ට දක්ෂතා දැක්වූවන් ඇගයීම පමණක් නොව ඔවුන්ගේ ව්‍යාපාර වාණිජමය වශයෙන් සාර්ථකත්වය සඳහා පාදක වන විකුණුම්, අලෙවිකරණ සහ සන්නාමකරණ ක‍්‍රමවේදයන්ට අනුගත වීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වැඩි වශයෙන් දිරිමත් කිරීමද අරමුණු කෙරේ.

    SLIM ආයතනය සමඟ NDB බැංකුව ඇතිකරගත් මෙම සහයෝගීත්වය, ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුන්ගේ ඇති අනාගත දැක්ම පිළිබඳව විදහා පායි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ජාතියේ අනාගත අර්ථිකයේ කොඳුනාරටිය බව හඳුනාගනිමින් මෙම ව්‍යාපාර වේගවත් සාර්ථකත්වය සඳහා ගෙනයාම පමණක් නොව දීර්ඝ කාලීන වර්ධනයක් සහ තිරසාරභාවයක් සඳහා ඔසවා තැබීමට NDB බැංකුව ඇපකැපවී සිටියි. ව්‍යාපාරයන්ට සුදුසු මූල්‍ය විසඳුම්, ධාරිතා වර්ධනය කිරීමේ වැඩසටහන් සහ උපායමාර්ගික උපදේශන සේවා සැපයීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අනාගත අභියෝගයන්ට මුහුණ දීමට සූදානම් කිරීම සඳහා NDB බැංකුව සක‍්‍රීය කාර්යභාරයක් ඉටු කරයි. නවෝත්පාදනයන් බිහිකිරීම සහ ව්‍යාපාරික විචාර බුද්ධිය වැඩිදියුණු කිරීම අරමුණු කොටගෙන ඇති වූ මෙම හවුල්කාරිත්වය රටේ ආර්ථික ප‍්‍රගමණයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අර්ථවත් අයුරින් දායක කරලීම සහ ශ‍්‍රී ලංකාව සමෘද්ධිමත් සහ ශක්තිමත් අනාගතයක් කරා ගෙනයාම සහතික කරයි.

    මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ උප සභාපති, සුළු හා මධ්‍ය පරිමාණ, මධ්‍ය වෙළඳපල සහ ව්‍යාපාර බැංකුකරණ, ඉන්දික රණවීර මහතා අදහස් දක්වමින් ප‍්‍රකාශ කලේ  ‘‘ NDB බැංකුව, ශ‍්‍රී ලාංකීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ජයග‍්‍රහණ ඇගයීම සඳහා SLIM ආයතනය සමඟ සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වෙමු. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ඇති වටිනාකම අපි ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. එම නිසා SLIM කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන සම්මාන උළෙල වැනි වැඩසටහන් සඳහා සහයෝගය දැක්වීම හරහා අපට එම අංශයේ ඇති දැනුවත් භාවය ඉහල නැංවීම සහ එම ව්‍යාපාරිකයින් තව තවත් වැඩි දියුණු කිරීම සඳහා සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වේ.’’ යනුවෙනි

    මෙම හවුල්කාරිත්වය ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්  සඳහා වඩාත් ශක්තිමත් සහ පුළුල් ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමට NDB බැංකුවේ ඇති කැපවීම පෙන්නුම් කරයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වර්ධනය වීමට, සාර්ථක වීමට සහ රටේ ආර්ථික සංවර්ධනයට දායක කරගැනීම එහි අරමුණයි. SLIM ආයතනය සමඟ සම්බන්ධ වීමෙන් සහ SLIM කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන සම්මාන සඳහා සහාය දැක්වීමෙන්, NDB බැංකුව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හි වර්ධනය වෙනුවෙන් ඉටු කරන සිය කාර්යභාරය තවත් තහවුරු කරයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තරඟකාරී වෙළඳපොලක් තුළ සාර්ථක වීමට බැංකුව අත්‍යවශ්‍ය මූල්‍ය මෙවලම්  ලබා දෙමින් ඔවුන් වෙත සිය සහාය නිබඳවම ලබා දෙයි.

    නිල බැංකු හවුල්කරු ලෙස, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සමෘද්ධිමත් සහ තිරසාර සාර්ථකත්වයකට අවශ්‍ය වටපිටාව සකස්කර දෙමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත‍්‍රය තුල අලෙවිකරණය සහ සන්නාමකරණයේ ඇති වැදගත්කම ප‍්‍රවර්ධනය කිරීම සඳහා NDB බැංකුව අඛණ්ඩව සක‍්‍රීය කාර්යභාරයක් ඉටු කරනු ඇත.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ‍්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව යනු ප‍්‍රාග්ධන  වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.