November, 19, 2024
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් වටිනාකම් කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ.
ඒ අනුව අද දින ඩොලරයක ගැනුම් මිල රු. 286.74 ක් ලෙසත් විකුණුම් මිල රු. 295.76 ක් ලෙසත් වාර්තා වී ඇත.
මෙය 2022 මාර්තු 25 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති පහළම ගැනුම් හා විකුණුම් මිල ගණන් වේ.
මේ අතර අද දින ඩොලරයේ මධ්‍ය අගය හෙවත් නිරූපිත විනිමය අනුපාතය රු. 291.58 ක් ලෙසින් සටහන්ව ඇත. 2022 ජූනි 06 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය රු. 291 මට්ටමට පැමිණ ඇති පළමු අවස්ථාව මෙයයි.
Video Story