November, 19, 2024
කොළඹ කොටස් වෙළෙඳපොළ මල දර්ශකවල පසුබැස්මක් අද (19) දිනයේ දී වාර්තා විය. මෙලෙස කොටස් වෙළෙඳපොළේ පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ දින 7 ක වර්ධනයකින් පසුවය.
ඒ අනුව අද දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 125.63කින් පහළ ගොස් ඒකක 13,105.38 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 66.00කින් පහළ ගොස් ඒකක 3,914.23 ක් ලෙසත් දිනය අවසානයේ දී සටහන්ව තිබුණි.
ප්‍රධාන වශයෙන් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ HNB, සම්පත්, කොමර්ෂල් හා NDB යන බැංකු සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම්, සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට බෙහෙවින් හේතුවී තිබිණ.
අද දිනයේ දී රු. බිලියන 6.01 ක සාපේක්ෂව දැවැන්ත පිරිවැටුමක් වාර්තාවී තිබෙනු දැකිය හැකිවිය. මෙහි විශේෂත්වය නම් මෙම පිරිවැටුමෙන් හරි අඩක්ම, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි කොටස් ගනුදෙනු හරහා වාර්තා වී තිබීමයි.
එහිදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ රු. බිලියන 1.97 ක වටිනාකමකින් යුතු ගිවිසාගනු ලැබූ කොටස් ගනුදෙනු වාර්තා වී අතර සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු හරහා රු. බිලියන 1.10 ක කොටස් ගනුදෙනු වාර්තා විය.
මීට අමතරව මෙල්ස්ටාකෝප් රු. මිලියන 423ක්, HNB රු. මිලියන 263ක් සහ සම්පත් බැංකුව රු. මිලියන 226ක් වශයෙන් අද දින පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබාදුන් සෙසු සමාගම් අතර වේ.
Video Story