ටෝස්ට්මාස්ටර්ස් ඉන්ටර්නැෂනල් දිස්ත්‍රික් 82 සහ CSE ටෝස්ට්මාස්ටර්වරුන්ගේ වසර 100ක උරුමය සීනුව නාද කිරීමේ උත්සවයකින් සමරයි

    November, 20, 2024

    ටෝස්ට්මාස්ටර්ස් ඉන්ටර්නැෂනල් දිස්ත්‍රික්ක 82 සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) සහයෝගීතාවයෙන් පසුගියදා එහි සිය වසරක උරුමය සංකේතවක් කරමින් සීනුව නාද කිරීමේ අවස්ථාව පැවැත්විය. 1924 වර්ෂයේ ආරම්භ කළ දා සිට, සාමාජිකයින් විසින් මෙහෙයවන ස්වේච්ඡා වැඩසටහන් හරහා ලොව පුරා පුද්ගලයන් දහස් ගණනකගේ සන්නිවේදන සහ නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමට සඳහා ඔවුන් සවිබල ගැන්වීමට ටෝස්ට්මාස්ටර්ස් සමාජය සමත්ව ඇත.

    දිස්ත්‍රික් 82 අධ්‍යක්ෂ DTM ගංගා ප්‍රනාන්දු, හිටපු ජාත්‍යන්තර සභාපති, DTM බාල්රාජ් අරුණාසලම්, දිස්ත්‍රික් 82 වැඩසටහන් තත්ත්ව අධ්‍යක්ෂ, DTM නිරෝෂන් නඩරාජා, දිස්ත්‍රික් 82 සමාජ වර්ධන අධ්‍යක්ෂ, DTM භාතිය හෙට්ටිආරච්චි; කලාප 13 හිටපු කලාපීය උපදේශක,  DTM සුදාෂ් ලියනගේ, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, CSE ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ සභාපති TM අශේන් හිරන්ත සහ දිස්ත්‍රික් 82 හිටපු සහ වත්මන් දිස්ත්‍රික් නිලධාරීන් බොහෝ දෙනෙකු සහ CSE නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    උත්සවය සමාරම්භ කරමින් රජීව බණ්ඩාරනායක මහතා මෙලෙස සිය අදහස් දැක්වුවේය. “බැලු බැල්මට ටෝස්ට්මාස්ටර්ස් යනු පිරිසක් ඉදිරියේ කතා කිරීමේ සහ සන්නිවේදන කුසලතා වැඩි දියුණු කිරීමේ සමාජයකි. කෙසේ වෙතත්, ඊට එහා ගිය නායකත්වය, ආත්ම විශ්වාසය සහ පුද්ගලික සංවර්ධනය ඇති කිරීමෙන් සාමාජිකයින්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ සුවිශේෂී තරඟකාරී වාසියක් ලබා දීම දක්වා එහි කාර්යභාරය දිවයයි.

    “ලබන පෙබරවාරි මාසයේ කොළඹ කොටස් හුවමාරුවේ ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ 10 වැනි සංවත්සරය පැවැත්වීමට සූදානමින් පසුවන අතර, එම සමාජය සාමාජිකයන් තුළ කුසලතා වර්ධනය කළ ආකාරය පිළිබඳ මම සාඩම්බරයෙන් පසුවෙමි. අපගේ සාමාජිකයින්ට සමාජය තුළ ප්‍රධාන භූමිකාවන් ඉටු කිරීමට සහ කොළඹ කොටස් හුවමාරුවේ භූමිකාවන්ගේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට එය ඔවුන්ට උපකාරී වී තිබේ." යනුවෙන් ද ඔහු ප්‍රකාශ කළේය.

    උත්සවයේ වැදගත්කම ආවර්ජනය කරමින් DTM ගංගා ප්‍රනාන්දු මෙලෙස සඳහන් කළාය. “අද අපි නාද කරන සීනුව මඟින් සංකේතවත් වන්නේ ආත්ම ගවේශණය සහ අව්‍යාජත්වයේ ගමන් මාවතක් ලෙස සැලකිය හැකි පුද්ගලයන් වඩා හොඳ සන්නිවේදකයින් සහ නායකයින් ලෙස සවිබල ගැන්වීමේ කටයුත්තේදී ටෝස්ට්මාස්ටර්ස් සමාජය සතු සුවිශේෂී ගෝලීය බලපෑම වේ. 1924දී ආචාර්ය රැල්ෆ් සී ස්මෙඩ්ලි විසින් කුඩා ප්‍රජා මුලපිරීමක් ලෙස ආරම්භ කරන ලද මෙම සමාජය ගෝලීය මෙහෙයුමක් දක්වා වර්ධනය වී ඇති අතර, දැන් සමාජ 15,000කට අධික සංඛ්‍යාවක් රටවල් 150ක් පුරාවට විහිද පවතී. සමාජ එක්රැස්වීමක් ආරම්භ වූ කාලයේ සිට, ලොව පුරා සිටින මිලියන ගණනකට ඔවුන්ගේ හඬ සොයා ගැනීමට උපකාර කරමින් අඛණ්ඩතාව, ගෞරවය, සේවය සහ විශිෂ්ටත්වය යන මූලික වටිනාකම් ඇති කරන ජීවිතය වෙනස් කරන සංවිධානයක් දක්වා මේ වන විට එම සමාජය වර්ධනය වී ඇත.

    ප්‍රධාන දේශක, DTM බාල්රාජ් අරුණාසලම් මෙලෙස අදහස් දැක්වුවේය. “ශ්‍රී ලංකාව තුළ අපගේ ගමන ආරම්භ වූයේ මීට වසර 41 කට පෙර වන අතර, පසුගිය වසර 25 තුළ අප රටේ ආර්ථික වර්ධනයට සහ වෘත්තීය සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. ටෝස්ට්මාස්ටර්ස් අපගේ සාමාජිකයින්ගේ පරාර්ථකාමී කැපවීම පිළිබිඹු කරමින් කථා කිරීමේ හැකියා සහ නායකත්ව සංවර්ධන වැඩසටහන් හරහා වඩාත් ඵලදායී සන්නිවේදකයින් සහ නායකයින් බවට පත්වීමට ආයතනික විධායකයින් 100,000කට අධික සංඛ්‍යාවකට උපකාරී වී ඇත.”

    “කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත, ආර්ථිකය මෙහෙයවන සමාගම්වලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් හා කටයුතු කිරීමට අප සමත්ව ඇත. වඩාත් පුළුල් සහයෝගයක් අවශ්‍ය කරන ජාතික ප්‍රයත්නයක් ලෙස තවත් සමාගම් මෙය හඳුනා ගනු ඇතැයි අප බලාපොරොත්තු වන අතර, මෙම කටයුත්ත උදෙසා දායක වීම සඳහා ඔවුන් දිරිගැන්වීමට අපි අපේක්ෂා කරමු.” යනුවෙන් ද ඔහු තවදුරටත් පැවසුවේය.

    CSE ටෝස්ට්මාස්ටර්ස් සමාජය හරහා, ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර්ස් සමාජය සතු වටිනාකම් ප්‍රතිරාවය කරමින් කොටස් හුවමාරුවේ කාර්ය මණ්ඩලය අතර ඵලදායී සන්නිවේදනය සහ නායකත්ව සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාකාරී සහභාගිවන්නෙකු බවට CSE පත්ව ඇත. ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ පැහැදිලි සන්නිවේදනයේ වැදගත්කම තහවුරු කරමින් වෘත්තීය සංවර්ධනය සඳහා වන CSE සතු කැපවීම මෙම කටයුත්ත හරහා පිළිඹිබු වේ.

     

    ඡායාරූප විස්තරය - (වමේ සිට දකුණට) DTM සුදාෂ් ලියනගේ, රජීව බණ්ඩාරනායක මහතා, DTM බාල්රාජ් අරුණාසලම්, DTM ගංගා ප්‍රනාන්දු, DTM නිරෝෂන් නඩරාජා, DTM භාතිය හෙට්ටිආරච්චි, සහ TM අශේන් හිරන්ත.