November, 20, 2024
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සිය නවතම සෞඛ්‍ය රක්ෂණ ආවරණය වනිශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මෙඩි චෑම්ප්’(Medi Champ) හඳුන්වා දෙන්නේ ඉහළ යන සෞඛ්‍ය සේවා වියදම් මධ්‍යයේ පුද්ගලයන් සහ පවුල් මුහුණ දෙන ආර්ථික සහ මූල්‍ය අභියෝගවලට විසඳුමක් වශයෙනි. පහසු වාරික තුලින් පරිපූර්ණ සෞඛ්‍ය ආවරණයක් සැපයීම සඳහා නිර්මාණය කර ඇතිි ‘Medi Champ’ රක්ෂණ ආවරණය සෞඛ්‍ය ආරක්ෂණ විසඳුම් සඳහා වන දැඩි අවශ්‍යතාවය ආමන්ත්‍රණය කරමින් හදිසි සෞඛ්‍ය සේවා අවශ්‍යතා වලදී මූල්‍ය සුරක්ෂිතභාවය සහ මානසික සැහැල්ලූව තහවුරු කරමින්් රක්ෂණ ඔප්පු හිමියන්ට ප්රතිලාභ රැසක් ලබා දෙයි.
සංස්කෘතිකමය වශයෙන් සහ සාම්ප්‍රදායිකව, පවුල් වටිනාකම් වලට මුල්තැන දෙන සමාජයකල බොහෝ අවස්ථාවල තම පවුලේ සාමාජිකයින්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමට පවුලේ සාමාජිකයින් නිරන්තරයනේ උත්සාහ කරයි. මෙහිදී තම පවුලේ සාමාජිකයෙකුගේ රෝගී තත්ත්වයකදී දැරීමට සිදුවන අනපේක්ෂිත වෛද්‍ය සහ සෞඛ්‍ය අවශ්‍යතාවයන්ට ගෙවීමට සිදුවන වියදම් විටක අධික විය හැක. මෙවැනි තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවන පවුල් සාමාජිකයින්ට මෙය දරාගත නොහැකි මානසික පීඩනයක් වීමට ඇති ඉඩකඩ බොහෝය. ‘Medi Champ’ රක්ෂණ ආවරණය හඳුන්වා දෙන්නේද මෙවැනි අවස්ත්වන්හි දී මුල්‍ය බර සැහැල්ලූ කිරීමටත්ල සෞඛ්‍ය අවශ්‍යතා සඳහා දැරීමට සිදුවන වියදම් කළමනාකරණය කර ගැනීමත් සහ සිය පවුලේ සාමාජිකයින්ට අපහසුතාවයකින් තොරව ලබාදිය හැකි ඉහළම වෛද්‍ය සහ සෞඛ්‍ය පහසුකම් ලබා දීමට ඔප්පු හිමියාට සහය වීමටත්ය. පරිපූර්ණ සෞඛ්‍ය රක්ෂණ සැලැස්මක් ලෙස, ‘මෙඩි චෑම්ප්‘ රක්ෂණ සැලැස්ම ශ්‍රී ලාංකේය පවුල්වලට සෞඛ්‍ය වියදම් වඩාත් දැරිය හැකි මිලකට කළමනාකරණය කිරීමට මගක් ලබා දෙන අතර, දුෂ්කර කාලවලදී සෑම පවුලේ සාමාජිකයකුටම මූල්‍ය ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කරයි.
‘Medi Champ’ රක්ෂණ ආවරණය විශේෂ වන්නේ එම ආවරණය තුලින් විවිධ සෞඛ්‍ය අවශ්‍යතාවයන්ට ලබාදෙන විශේෂ මුල්‍ය ප්රතිලාභ මුල් කරගෙනයි. රක්ෂණ ඔප්පු හිමියන් හට රු. මිලියන 60 දක්වා තම අවශ්‍යතාවයට සරිලන පරිදි ආවරණ තෝරා ගැනීමට හැකියාව ලැබේ. එසේම, මෙම ආවරණය තුලින් ගිලන් රථ ගාස්තු, අවයව පරිත්‍යාග කිරීමේ වියදම්ල කෘත්‍රිම අවයව හා බද්ද කිරීම ඇතුළු වෛද්‍ය වියදම් රාශියක් ආවරණය වේ. මීට අමතරව, ‘Medi Champ’ ආවරණය තුලින් ඔප්පු හිමියාගේ කලත්‍රයා, දරුවන්, දෙමව්පියන් සහ කලත්රය ගේ දෙමව්පියන් ද එකම ආවරණයට ඇතුලත් කර ගැනීමට ඉඩ කඩ සලසා තිබීම තුලින් ඔප්පු හිමියාට තම පවුලට පරිපූර්ණ රැකවරණයක් ලබා දීමේ හැකියාව ලැබේ.
මෙම ආවරණයේ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ, රක්ෂණ මුදලෙන් 100% දක්වා එකතු වන පරිදි සෑම හිමිකම් ලබා නොගත් වර්ෂයක් සඳහාම හිමිකම් නොපෑමේ ප්‍රසාද දීමනාවක් (No Claim Bonus) ලබා දීමයි. දන්ත හා අක්ෂි සත්කාර සඳහා ද විශේෂ ආවරණයක් ‘Medi Champ’ ආවරණයේ ඇතුලත් වේ. ලොව පුරා මුදල් රහිත බිල්පත් පියවීමේ පහසුකම සමඟින් (ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව හැර*,ිඵැාස ක්‍ය්පච’ රක්ෂණ සැලැස්ම විදේශයන්හි රෝහල්ගත වීමේදී රක්ෂණ ඔප්පුහිමියන්ගේ ආරක්ෂා සහතික කරයි. ශ්‍රී ලංකාවේ බාහිර රෝගී සේවාව සහ ආයුර්වේද ප්‍රතිකාර සඳහා වන වියදම් සහ දරු ප්‍රසුතිය සඳහා වන වියදම් ඇතුළු ප්රතිලාභ රැසක් ලබාදෙන මෙම ආවරණය, ඔප්පු හිමියාගේ සදාකාලික අබාධිත තත්ත්වයක ‘Medi Champ’ ආවරණයේ ඉතිරි වාරික ගෙවීමෙන් නිදහස් කරනු ලබයි.
වයස අවුරුදු 18ත් 65ත් අතර වැඩිහිටියන් මෙම රක්ෂණාවරණය ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන අතර අවුරුදු 75 ක් දක්වා ‘Medi Champ’ රක්ෂණ ආවරණයට අදාල ප්රතිලාභ ලබාගත හැක. තම මුල්‍ය හැකියාව අනුව මාසිකව, ත්‍රෛමාසිකව, අර්ධ වාර්ෂිකව සහ වාර්ෂිකව ගෙවීම් කල හැකි අතර ඔප්පු කාලය අවුරුදු 5-40 දක්වා වේ. ඔප්පු හිමියා, කලත්‍රයා, දරුවන් 5ක් දක්වා, සහ දෙපාර්ශවයේම දෙමාපියන් ‘Medi Champ’ ආවරණය කරයි.
තවද විශේෂයෙන්, දිවි තිළිණ, ඉර්ලි කෑෂ් (Early Cash), ෆ්‍රීඩම් රිටයර්මන්ට් (Freedom Retirement), ෆ්‍රීඩම් ලයිෆ් ස්ටයිල් ප්ලස්(Freedom Lifestyle Plus), වෙල්ත් ප්ලස් (Wealth Plus), දිවි සවි, ස්පීඞ් ඉන්වෙස්ට්මන්ට්(Speed Investment), මිණිමුතු, සහ ජනදිරි යන ශ්‍රී ලංකා ඉන්ෂුවරන් ලයිෆ් රක්ෂණ සැලසුමක් සමග ‘Medi Champ’ ආවරණයක් ලබාගත හැක.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිඝ්‍රයෙන් ඉහළ යන වෛද්‍ය වියදම් සහිත වර්තමාන පරිසරය තුළ පරිපූර්ණ සෞඛ්‍ය ආවරණයක වැදගත්කම හඳුනා ගෙන ඇත. SLIC Life විසින් හඳුන්වා දුන් ‘Medi Champ’ යනු ශ්‍රී ලාංකීය පවුල් සඳහා දැරිය හැකි, උසස් තත්ත්වයේ සෞඛ්‍ය රක්ෂණයක් ලබා දීමේ කැපවීමෙන් සහ ඔවුන්ගේ සහ ඔවුන්ගේ ආදරණීයයන්ගේ සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දීමට ඔවුන් බල ගැන්වීමේ අරමුණින් රක්ෂණ ඔප්පු හිමියන්ට මූල්‍ය දුෂ්කරතාවයකින් තොරව අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දීමයි.
‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මෙඩි චෑම්ප්’(Medi Champ) රක්ෂණ ආවරණය පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා, ඔබගේ ළඟම ඇති ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛාවට පිවිසෙන්න හෝ ක්ෂණික ඇමතුම් අංකය වන 1377 අමතන්න.
Video Story