ජාතික උද්ධමනය පහළට

    November, 22, 2024

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ -0.2% සිට 2024 ඔක්තෝම්බර් මාසයේ දී -0.7% ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් අතර එහිදී 2024 සැප්තැම්බර් මාසයේ දී 0.5% ක් ලෙසින් සටහන්ව තිබූ ආහාර උද්ධමනය 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය -0.7% සිට -2.3% ක් දක්වා පහළ ගොස් තිබේ.