John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම්  මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි

    November, 27, 2024

    John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව ජා-ඇළ පිහිටි VIMAN නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ නිවාස සඳහා එහි ගැනුම්කරුවන් වෙත අසමසමවූ ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම පිරිනැමීමට සාඩම්බරව ඉදිරිපත්වී ඇත. මෙම අද්විතීය මූල්‍ය විසඳුම දෙපාර්ශවයේ ප්‍රධානීන් විසින් පළමු වරට ආරම්භ කරනු ලැබූවේ නිවාස හිමිකාරීත්වය සඳහා වඩාත් පහසු ප්‍රවේශයක් සලසා දීමටය. මෙය ගැනුම්කරුවන්ට ජා-ඇළ VIMAN හි තම නිවහන පෙර ගෙවීමකින් තොරව මිලදී ගැනීමට ඉඩ සලසා දෙනු ලබන සුවිශේෂී මූල්‍ය විසඳුම් මාදිලියකි. Union බැංකුව, Zero Down මූල්‍ය විසඳුම හරහා ගනුදෙනුකරුනවන් වෙත ව්‍යාපෘති මුදලෙන් 75%ක් මූලිකව ලබා දෙන අතර, මූල්‍ය සැලසුමකට අනුව අදියර වශයෙන් එම මුදල් ලබා දීම සිදු කරයි. ඒ අනුව ගනුදෙනුකරුනවන් බැංකුව විසින් ලබා දෙනු ලබන මුදල සඳහා ව්‍යාපෘති කාල සීමාව ඇතුළත මාසිකව සමාන වාරික ගෙවීමට පියවර ගතයුතුවේ. ව්‍යාපෘතිය අවසානයේදී, ආසන්න වශයෙන් වසර දෙකකින් ගනුදෙනුකරුවන්ගේ අවසාන ගෙවීම ලෙස ඔවුන්ගේ 25% කොටසක් John Keells Properties සමාගම වෙත සෘජුවම දායකවනු ඇත.

    John Keells Properties සමාගම සහ Union බැංකුව විසින් හඳුන්වාදෙනු ලබන ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හුදෙක් මූල්‍ය ප්‍රථිලාබයක් පමණක් නොව, එය ආරක්ෂිතබව සහ අවස්ථාවන් පිළිබඳව සහතික වෙමින් ජා-ඇළ VIMAN හි නිවාස වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි, පෙර අත් නොවිඳි අත්දැකීමක් සහිතව දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය පරිවර්තනීය වෙනසකට ලක් කිරීමට අරමුණු කරයි. තරුණ වෘත්තිකයන් සහ පවුල් අතර නම්‍යශීලී හා සාධාරණ මූල්‍ය විසඳුම් සඳහා පවතින ඉල්ලුම ඉහළ යමින් පැවතීම හේතුවෙන් මෙම අද්විතීය වූ මූල්‍ය විසඳුම් සහිත නිවාස හිමිකම් අවස්ථාව තීරණාත්මක අවධියකට පැමිණ තිබේ. ZERO-DOWN මූල්‍ය සැලසුම හරහා ජා-ඇළ VIMAN හි නිවාස අපේක්ෂාවන් සඳහා කිසිදු ආකාරයේ පෙර මුදල්  ගෙවීමකින් තොරව තම නිවහන සුරක්ෂිතව වෙන් කර ගැනීමට හැකි වේ. එමෙන්ම සාම්ප්‍රදායිකව ගැනුම්කරුවන් අධෛර්යට පත් කරන මූලිකව ගෙවීමේ මූල්‍ය බාධාවන් ඉවත් කරමින්, ගැනුම්කරුවන්ට ඔවුන්ගේ මූල්‍ය සැලසුම්කරණ කටයුතු සඳහා පැහැදිලිබවක් සහ විශ්වසනීයත්වයක් ගොඩනගමින් ඒ සඳහා ප්‍රවේශ වීමට සහය ලබා දේ.

    John Keells Properties සමාගමේ විකුණුම් හා අලෙවි ප්‍රධානී සහ John Keells Group හි උප සභාපති නදීම් ශම්ස් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. "ZERO-DOWN මූල්‍ය විසඳුම හරහා ශ්‍රී ලංකාවේ නිවාස හිමිකාරීත්වය පිළිබඳව දිගු දැක්මක් සහිත ප්‍රවේශයක් ඉදිරිපත් කරනවා. පෙර මුදල් ගෙවීම් හරහා අරමුණක් සහිත ගැනුම්කරුවන් පවා අධෛර්යමත් වන අයුරු අපි අත්දැක තිබෙනවා. ZERO-DOWN මූල්‍ය විසඳුම සමගින් අපි ශ්‍රී ලාංකිකයින්ට ජා-ඇළ VIMAN හි නිවසක් කඩිනමින් සහ වැඩි මූල්‍ය සහනයක් හරහා ලබා ගැනීමට අවස්ථාව සලසා දෙනවා. මෙම නව ආරම්භය සමගින්, නව ලොවක් නිර්මාණය කිරීමේ සමගමෙහි දැක්ම මත පදනම්ව අපගේ වර්ධනයන් පමණක් නොව, මිනිසුන්ට ඔවුන්ගේ නිවාසක හිමිකම අත්කර දීම දක්වා John Keells Properties සමාගම විසින් කරනු ලබන කැපවීම මනාව පිළිබිඹු වෙනවා.''

    Union බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි (Retail Banking) චායා ජයවර්ධන මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. "සැබෑ පරිවර්තනීය වෙනසක් සහිත මූල්‍ය විසඳුමක් වන ZERO-DOWN හඳුන්වා දීම සඳහා John Keells Properties සමාගම සමග සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි වීම පිළිබඳව Union බැංකුව සතුටු වෙනවා. මෙම ආරම්භය තුළින්, මූලිකව මුදල් ගෙවීමේ අපහසුතාවයක් නොමැතිව, ජා-ඇළ VIMAN හි තමන්ගේ නිවස සුරක්ෂිතව වෙන් කර ගැනීමට අවශ්‍ය නම්‍යශීලීභාවය සහ විශ්වාසය, ගැනුම්කරුවන්ව බලගන්වනු ලබනවා. එය වෙනස් වන මූල්‍ය දර්ශනයන්ට සහ අපගේ ගනුදෙනුකරුවන්ගේ වෙනස්වන අවශ්‍යතාවයන්ට සෘජු ප්‍රතිචාරයක්."