November, 28, 2024
Evolution Auto පුද්ගලික සමාගම විසින් තිරසාර විද්‍යුත් රථවාහන ක්ෂේත්රය විප්ලවීය ඉදිරි පියවරක් තබමින් සුවිශේෂී ඉලෙක්ට්‍රික් යතුරුපැදිය පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබීය. නොවැම්බර් 25 වන දින කොළඹ වෝටර්ස්ටප් හිදී පැවති විශේෂ හඳුන්වාදීමේ උත්සවයකදී සිදු කරන ලද මෙම නවතම දියත් කිරීම සමඟ තිරසාර හා දියුණු ප්‍රවාහන විසඳුම් තුළින් පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට Evolution Auto පුද්ගලික සමාගම සමත්ව සිටියි. නවතම තාක්ෂණය හා වැඩි දියුණු කළ කාර්ය සාධනය සමඟින් දැරිය හැකි මිලකට පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව සහිත මෙම ඉලෙක්ට්‍රික් යතුරු පැදිය පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක යතුරුපැදි වෙනුවට විද්‍යුත් බලයෙන් ක්‍රියාත්මක යතුරුපැදියක උරුමය ශ්‍රී ලාංකිකයන් වෙත හිමි කර දෙනු ඇත.
නව්‍යකරණය හඹා යන ශ්‍රී ලාංකික යතුරු පැදි ලෝලීන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති මෙම ඉලෙක්ට්‍රික් යතුරුපැදිය 3kW mid-drive මෝටරයකින් සමන්විතය. එක් ආරෝපණයක් මඟින් කිලෝ මීටර් 150ක් දක්වා ධාවන කිරිමේ හැකියාව සහිත එය නාගරික ප්‍රදේශයන්ට මෙන්ම දුර ගමන් සඳහාද වඩා සුදුසු වේ. Eco, City, සහ වශයෙන් වෙනස් කළ හැකි එකිනෙකට වෙනස් ධාවන ක්‍රම 3ක් තුළින් කාර්යක්ෂමතාව, සුවපහසුව හෝ කාර්යසාධනය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් ගමනට ගැලපෙන ආකාරයෙන් යතුරු පැදිය ධාවන කිරීමේ හැකියාව මෙහි ඇති විශේෂත්වයකි.
Al තාක්ෂණය තුළින් සහ real-time alerts ඉහළ සම්බන්ධතා පහසුව ලබා දෙන smart features, smart key functionality, සහ push-button ignition යනාදී විශේෂාංගයන් සහිත ස්මාර්ට් යතුරු ක්‍රියාකාරිත්වය ඇතුලු විශේෂාංගයන් රැසක්ද මෙම නවතම ඉලෙක්ට්‍රික් යතුරුපැදියට අයත්ය. ඊට අමතරව GEO-locate සහ GEO-fencing විශේෂාංගයන් සහිත මෙහි ඇති අනතුරු හැඟවීමේ තාක්ෂණය හේතුවෙන් සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අවස්ථාව උදාවන්නේ අවශ්‍ය ඕනෑම වේලාවක පරිශීලකයන්ට නිරීක්ෂණය කිරීමේ අවස්ථාව හිමි කර දෙමිනි. තවද එහි ඇති ඇමතුම් හා කෙටි පණිවිඩ හැඟවීම්, හා දුරස්ථ බලගැන්වීම ඇතුලු ස්මාර්ට් ජංගම දුරකතන හා සම්බන්ධ විශේෂාංග හේතුවෙන් නව්‍ය තාක්ෂණට ඇලුම් කරන පරිශීලකයින්ගේ ප්රමුඛ තේරීමක් බවට මෙම යතුරුපැදිය පත්වනු නොඅනුමානය.
Revolt RV400 හි විශේෂ හඳුන්වා දීමේ මිල රු. 949,900 කි. ඊට අමතරව රු. 849,900 ක් වැනි මිලකට යාන්ත්‍රික යතුරක් සහිත RV400 BRZ ඉලෙක්ට්‍රික් යතුරුපැදියද මේ සමඟ හඳුන්වාදීමට Evolution Auto පුද්ගලික සමාගම කටයුතු කර ඇත. මෙම යතුරුපැදි මිලදී ගැනීම වෙනුවෙන් පහසු ලීසිං ක්රමයන් පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීමට ඔවුන් කටයුතු කර ඇත්තේ 25,220ක මාසික වාරිකයන් හිමිකර දෙමිනි. සීමිත කාලයක් සඳහා (2024 නොවැම්බර් 25 සිට දෙසැම්බර් 31 දක්වා) වලංගු මෙම දීමනාව නියමයන් හා කොන්දේසිවලට යටත්ව බැටරිය සඳහා 10 වසරක වගකීමක් ලබා ගැනීමටද පාරිභෝගිකයින්ට අවස්ථාව උදා වේ.
කිලෝමීටර් 150ක් දක්වා ධාවන කිරීමේ හැකියාව, ඉලෙක්ට්‍රික් යතුරුපැදිලි මාදිලියේ නමශීලීබව, නාගරික හා තදාසන්න මාර්ගයන්හි පහසුවෙන් ධාවනය කළ හැකි වීම යනාදී පහසුකම්වලින් සමන්විත RV400 ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට වඩාත් ගැලපෙන ආකාරයෙන් නිර්මාණය කර ඇත. ඕනෑම කාලගුණ තත්වයකට ඔරොත්තු දෙන එහි ඇති IP67-ශ්‍රේණිගත බැටරිය ජලයෙන් ආරක්ෂා කරමින් ඉහළ කල්පැවැත්මක් ලබා දෙන අතර 3.24KWh ධාරිතාවකින් යුත් 72V Lithium-ion බැටරියක් වන එය යතුරුපැදියේ ක්රියාකාරීත්වයද විශිෂ්ට අයුරින් පවත්වාගෙන යාමට හැකියාව උදාකර දෙයි.
තවද දුෂ්කර මාර්ගයන්හි වුවද පහසුවෙන් ධාවනය කිරීමේ හැකියාව පරිශීලයින් වෙත ලබා ç dual disc brakes, Combined Braking System (CBS) adjustable suspension යන තාක්ෂණයන්ද මෙම යතුරු පැදියෙහි සුවිශේෂී විශේෂාංග ලෙස සඳහන් කළ හැකිය. කිලෝ ග්‍රෑම් 108ක් පමණ වන සැහැල්ලු රාමුවකින් යුත් එය LED විදුලි පහන් සහ තමන්ට වෙනස් කර ගත හැකි ශබ්දයන් මඟින් යතුරුපැදියේ ක්‍රියාකාරිත්වය හා ආකර්ෂණීය පෙනුම තව තවත් ඉහළ නැංවීමට හේතුවක් වනු ඇත. එසේම එහි 85 km/h උපරිම වේගයද නගරාසන්නව හෝ තදාසන්න ගමනාගමනයේදී පරිශීකයින්ට තවත් පහසුවක් වනු නිසැකය.
ශ්‍රී ලාංකේය යතුරු පැදි වෙළෙඳපොලෙහි සුවිසල් වෙනසක් ඇති කරමින් Revolt ඉලෙක්ට්‍රික් යතුරුපැදිය මෙරටට හඳුන්වාදෙන Evolution Auto පුද්ගලික සමාගම Revolt Motors හි ශ්‍රී ලාංකේය නියෝජිතයා ලෙස කටයුතු කරයි. Atman සමූහය සහ Sino Lanka පුද්ගලික සමාගමේ සහයෝගීතා පියවරක් ලෙස මෙම යතුරුපැදිය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන අතර ඉදිරියේදී උසස් තත්වයේ ඉලෙක්ට්‍රික් රථ වාහන හඳුන්වා දීමට සහ ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහාද එම හවුල්කාරීත්වය යටතේ අවධානය යොමු කර ඇත.
Sino Lanka පුද්ගලික සමාගම එහි සභාපති බොබ් කුණ්ඩන්මාල් මහතා සහ ධිරෙන් කුණ්ඩන්මාල් මහතා විසින් මෙහෙයවනු ලබන අතර Atman සමූහ ව්‍යාපාරය මෙහෙයවනු ලබන්නේ ඉලෙක්ට්‍රික් වාහන අංශයේ නවෝත්පානයන් ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාවට හරිත අනාගතයක් උදා කර දීමට කැපවී කටයුතු කරන එහි අධ්යක්ෂ නාදන් සිවගනනාදන් මහතා සහ රංජිත් ලියොන් මහතා විසිනි. ලොව පිළිගත් ඉලෙක්ට්‍රික් මෝටර් රථ සන්නාමයන් සමඟ එක්ව මෙරට ප්‍රවාහන යටිතල පහසුකම් ඉහළ නැංවීම අරමුණු කරගනිමින් RV400 සහ RV400 BRZ මෙරටට හඳුන්වා දීම තුළින් තිරසාර සංවර්ධනය සඳහා වන සිය කැපවීම ප්‍රදර්ශනය කිරීමටද ඔවුන්ට හැකි වී ඇත.
ඒ Evolution Auto සමඟම පුද්ගලික සමාගමේ කොටස්කරුවන් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර වැනි ලෝ ප්‍රකට ක්‍රීඩකයින්ගේ දායකත්වය සමඟින් ධනාත්මක සමාජ හා පාරිසරික බලපෑමක් ඇති කළ හැකි ඉහළ වර්ධන ව්‍යාපාර හඳුනාගැනීම සඳහාද මෙම සහයෝගීතාවයේ අවධානය යොමු වීමද ඉතා වැදගත් වේ. මේ සියලු දේ තුළින් සමාලම අපේක්ෂා කරනුයේ ශ්‍රී ලංකාවේ කාබන් විමෝචනය අවම කිරිම, හරිත අනාගතයක් නිර්මාණය කිරීම හා ප්‍රවාහන ක්ෂේත්රයේ වෙනසක් ඇති කිරීමටය.
මෙම අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ Rattanlndia Enterprises Limited (Revolt) හි සභාපතිනි අන්ජලී රට්ටන් මහත්මිය සඳහන් කර සිටියේ ' අපි ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට පිවිසෙන විට මෙරට ඉලෙක්ට්‍රික් රථවාහන ක්ෂේත්රය සම්බන්ධයෙන් අවබෝධකයක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වනවා. අද වන විට ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහන භාවිතය පාරිසරික ගැටලු පිළිබඳ අවබෝධය, හිතකර රාජ්‍ය ප්‍රතිඵත්ති හා වඩාත් තිරසාර ප්‍රවාහන සේවාවන් පිළිබඳ පාරිභෝගික උනන්දුව ඉහළ යමින් පවතින බව දැකිය හැකියි” යනුවෙනි.
පෙට්රල්වලට වඩා 70%ක පමණ අඩු මෙහෙයුම් පිරිවැයක් සමඟින් සුවිසල් ඉතිරියක් පාරිභෝගිකයා වෙත ලබා දෙන මෙම ඉලෙක්ට්‍රික් යතුරු පැදිය විෂ දුමෙන් තොර සෞඛ්යාරක්ෂිත පරිසරයක් උරුම කර දීමට සමත් වෙයි. පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට, ඉහළ කාර්ය සාධනයක්නි යුත් උසස් තාක්ෂණයේ එකතුවක් සමඟින් RV400 ශ්‍රී ලංකිකයින් වෙත නවමු අත් දැකීමක් උරුම කර දෙනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ Evolution Auto පුද්ගලික සමාගමේ සමාන්‍යාධිකාරී සහරාන් සියාවුදීන් මහතා ශ්‍රී ලංකාව තිරසාර ප්‍රවාහන සේවාවක් වෙනුවෙන් යන ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස මෙම RV400 ඉලෙක්ට්‍රික් යතුරුපැදිය හඳුන්වාදීම සඳහන් කළ හැකියි. තිරසාරත්වය හා නවීනවත්වය අතර ඇති දුරස්ත භාවය දුරු කරන මෙම නවතම යතුරු පැදිය ශ්‍රී ලංකාකයින් වෙත පෙට්රල්වලින් ධාවනය වන යතුරුපැදියකට විකල්පයක් සපයනු ලබනවා. මෙය යතුරුපැදියක් පමණක් නෙවෙයි. කාබන් විමෝචනය අවම කර හරිත අනාගතයක් උරුම කර ගැනීමේ සාමූහික ප්රයත්නයක්ද වනවා" යනුවෙන් පැවසීය.
ඉලෙක්ට්‍රික් යතුරු පැදි සඳහා උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට දිවයින පුරා විසිරුණු බලයලත් අලෙවි නියෝජිතයින් වෙත පැමිණ RV400 සහ RV400 BRZ යතුරු පැදියක වෙනස අත්විඳිය හැකි අතර www.evauto.lk වෙත පිවිසීමෙන් වැඩිදුර විස්තර දැනගත හැකිය. හුදෙක් යතුරුපැදියක් වෙළෙඳපොලට හඳුන්වාදීමට එහා ගිය මෙම දියත් කිරිම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ වෙනසක් ඇති කරමින් සුවපහසු ගමනක් සමඟ තිරසාර ප්රයත්නයක කොටස් කරුවකු වීමටද මෙරට පාරිභෝගිකයින් වෙත අවස්ථාව සළසා දෙනු ලබයි.
Video Story