November, 29, 2024
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව තෙවන මාසයටත් ඍණ අගයක පවතිමින් 2024 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 0.8ක අවධමනයට සාපේක්ෂව 2024 නොවැම්බර් මාසයේ දී සියයට 2.1ක අවධමනයක් වාර්තා කළේය.
වාර්ෂික ලක්ෂ්යමය පදනම මත, 2024 ඔක්තෝබර් මාසයේ සියයට 1.0ක් ලෙසින් පැවති ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී සියයට 0.6ක් දක්වා පහළ ගොස් ඇත.
මෙලෙස 2024 නොවැම්බර් මාසයේ දී උද්ධමනය විශාල වශයෙන් පහළ යාම සඳහා ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 3.3ක අවධමනයක් දක්වා පහළ යාම හේතු වී තිබේ. 2024 ඔක්තෝබර් මාසයේ දී ආහාර නොවන කාණ්ඩයේ අවධමනය සියයට 1.6ක් ලෙසින් සටහන් වුණි.
Video Story