January, 31, 2024
අම්පාර ජනතාවට කොටස් වෙලෙඳ පොල ආයෝජන අවස්ථාව උදා කරමින් ACAP කොටස් තැරැව්කාර ආයතනයේ නව ශාඛාවක් පසුගිය 11 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
අම්පාර ඩීඑස් සේනානායක මාවතේ සමූපාකාර ගොඩනැගිල්ලෙහි නව ශාඛාව ස්ථාපිත කර ඇති අතර ආයෝජකයන්ට කොටස් වෙලෙදපොල ගිණුම් විවෘත කිරීම,ආයෝජන උපදෙස් ලබා ගැනීම වැනි විවිධ සේවා රාශියක් ලබා ගැනීමේ අවස්ථාව ඇත.
මෙම අවස්ථාවට ACAP කොටස් තැරැව්කාර ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ජයසංඛ අලහේන්ද්‍ර, අධ්‍යක්ෂක චේලක හපුගොඩ මහත්වරු සහ ප්‍රදේශයේ බැංකු, මූල්‍ය ආයතන ප්‍රධානින්,රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා ව්‍යාපාරික ප්‍රජාව සහභාගි විය.




Video Story