Access Engineering නැගෙනහිර අප්‍රිකාවේ මෙහෙයුම් අරඹයි

    February, 24, 2015

    නැගෙනහිර අප්‍රිකානු රටක් වන ජිබුජි (Djibouti) හිදි කාර්යාලයක් විවෘත කරමින් එරට ඉදිකිරීම් ව්‍යාපෘති සිදුකිරීමටත් ඉංජිනේරු සේවා ලබාදීමටත් මෙරට ප්‍රමුඛතම ඉදිකිරීම් සමාගමක් වන ලයිස්තුගත ඇක්සස් ඉංජිනියරිං සමාගම කටයුතු කර තිබේ.

    ජිබුජිහිදී ආරම්භ කර තිබෙන ශාඛා කාර්යාලය “Access Engineering PLC East Africa Branch“ යනුවෙන් නම්කර තිබෙන අතර ජිබුජි සහ එම රටින් පිට සිල්ලර ව්‍යාපාරික කටයුතු හැර  සාමාන්‍ය ව්‍යාපාරික ක්‍රියාකාරකම් කිරීමට මෙම කාර්යාලයට බලය තිබෙන බව සඳහන්ය.

    Access Engineering PLC සමාගමේ සභාපතිවරයා ලෙස සුමල් පෙරේරා මහතා කටයුතු කරන අතර කළමනාකාර අධ්‍යක්ෂවරයා වන්නේ කිස්ටෝෆර් ජෝෂුආ මහතායි.