May, 30, 2022
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ආර්ථික අර්බුදයක් පවතින මෙම අවස්ථාවේ දී 2022 වසර පුරාවට මොණරාගල SOS ළමා ගම්මානයේ වෙසෙන දරුවන්ගේ අධ්‍යාපනයට සහ ඔවුන්ව හදාවඩා ගැනීමට අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබා දීමට ප්‍රතිඥා ලබා දුන්නා. මෙම දායකත්වය ලබාදීමේ උත්සවය නොබෝදා මොණරාගල SOS ළමා ගම්මානයේ දී පවත්වනු ලැබුවා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයින්, සමාගමේ විධායක නිලධාරිනිය, සමාගමේ නියෝජ්‍ය විධායක නිලධාරී ඇතුළුව ජේෂ්ඨ කළමනාකාරීත්වය, AIA මොණරාගල ප්‍රාදේශීය කාර්යාලයේ කළමනාකාරිත්වය සහ එහි අලෙවි බලකා සාමාජිකයින්ද මෙම අවස්ථාවට සහභාගී වෙමින් එම දරුවන් සහ ඔවුන්ව ඇතිදැඩි කිරීමට සහය වන මව්වරුන් සමගින් සුහදව කාලය ගත කිරීමට මෙය අවස්ථාවක් කරගත්තා. සිය පවුල් වලට හරියාකාරව හදාවඩා ගැනීමට වත්කමක් නොමැති දරුවන් 120 ක් වෙනුවෙන් මොණරාගල පිහිටා ඇති මෙම SOS ළමා ගම්මානය සිය නිවහන බවට පත්ව ඇති අතර මෙහිදී ඔවුන්ගේ සෞඛ්‍ය සහ අධ්‍යාපන කටයුතු සපුරාලමින් ඔවුන්ව රැකබලා ගනිමින් ඔවුන්ව සාර්ථක පුරවැසියන් බවට පත්කිරීම සඳහා අතහිත දෙනු ලබනවා. දැනට පවතින ආර්ථික අර්බුදකාරී කාල සීමාව තුළදී AIA ඉන්ෂුවරන්ස් මෙරට සමාජය වෙනුවෙන් සිදුකරන්නා වූ සත්කාරයන් රැසක් අතරින් මෙය එක් වැඩසටහන් වෙනවා.
Video Story