• Ada Derana BIZ Sinhala
  • AIA
  • Poson Safety Programme
  • sri lanaka

AIA ඉන්ෂුවරන්ස් හි ජාතික රැකවරණ මෙහෙවර වන පොසොන් රැකවරණ ව්‍යාපෘතිය කිසිඳු දිය අනතුරකින් තොරව සාර්ථකව නිම වේ

July, 11, 2022

AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවීමෙන් සිදුකරන්නා වූ, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධානතම ආයතනික සමාජ මෙහෙවර, 2022 වසර සඳහා කිසිඳු දිය අනතුරකින් තොරවූ පොසොන් සමයක් උදාකරලමින්, පසුගිය ජූනි මාසයේ අනුරාධපුරයේ දී සාර්ථකව නිමාවට පත්විය. මෙම වැඩසටහන පැවැත්වීමේ ප්‍රථිපලයක් ලෙස පොසොන් වන්දනාවේ පැමිණ සිටි ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්හට පුදබිම් වටා පිහිටා ඇති වැව් සහ ජලාශ වලින් වඩාත් ආරක්ෂිතව දිය ස්නානය කර පිරිසිදු වී සිය ආගමික පුදපූජාවන් පැවැත්වීමට අවකාශය උදාවිය.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, 1993 වසරේදී පොසොන් රැකවරණ ව්‍යාපෘතිය වෙනුවෙන් සිය කැපවීම ආරම්භ කරන ලද අතර 27 වන වතාවටත් මෙවර පොසොන් සමයේ දී සුපුරුදු පරිදි ක්‍රියාත්මක කරන ලදී.  දින 3ක් පුරාවට අනුරාධපුරය, පොලොන්නරුව, දඹුල්ල සහ මිහින්තලේ යන පුදබිම් ආශ්‍රිතව පවත්වන ලද මෙම ව්‍යාපෘතිය ඔස්සේ ජාතික පොසොන් උත්සවය සඳහා සහභාගී වීමට පුදබිම් වෙත ගමන් ගන්නා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්,  අවට ඇති වැව් වලින් දිය ස්නානය කිරීමේ දී ඇතිවිය හැකි අවදානම සැලකීමට ගෙන, පූජා නගර සියල්ල ආශ්‍රිතව පිහිටා ඇති වැව් 22ක්  ආවරණය වන අයුරින්  500 කට අධික ජීවිත ආරක්ෂක නිලධාරී මහත්වරුන්ගේ සේවය ලබා ගනිමින් බැතිමතුන්ගේ ජීවිත වලට දියේ දී වියහැකි අනතුරු සඳහා රැකවරණය තහවුරු කරන ලදී.  AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අනුරාධපුර සහ අනෙකුත් පුදබිම් වටා පිහිටා ඇති වැව් සහ ජලාශ ආශ්‍රිතව ජීවිතාරක්ෂක සේවා සැලසීමට අමතරව රැකවරණ ප්‍රචාරණ පුවරු සවිකරමින් දියට බැසීමට සුදුසු සහ නුසුදුසු ස්ථාන මෙන්ම අනතුරු වියහැකි ස්ථාන පිළිබඳව දැනුවත් කිරීමද සිදු කරයි.

විශේෂයෙන්ම මෙවන් අභියෝගාත්මක කාලවකවානුවක් තුල දී පවා අඛණ්ඩව මෙම  ජාතික මෙහෙවරට උරදෙමින් AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින්,  AIA පොසොන් රැකවරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලද අතර මෙම සාමාජ මෙහෙවරෙහි වැදගත්කම වූයේ බැහිමතුන්ගේ පූර්ණ ආරක්ෂාව තහවුරු කරමින්, කිසිඳු දිය අනතුරකින් තොරවූ පොසොන් සමයක් උදාකරලමින් ව්‍යාපෘතිය සාර්ථකව නිමාවට පත්කිරීමට හැකිවීමයි.

"මගේත්, මගේ පුතාගේත් ජීවිත බේරා ගැනීමට උපකාර කල ස්වේච්ඡා ජීවිතාරක්ෂක නිලධාරී මහත්වරුන්ට මගේ හද පත්ලෙන්ම මම ස්තුති කරනවා" යැයි වන්දනාවේ ගිය එක බැතිමතෙකු කියා සිටියේය.  "අපි සෑම පොසොන් සමයකදීම අනුරාධපුරයට වන්දනාවේ යනවා එත් මෙවර මගේ පුතා ප්‍රථම වරට අනුරාධපුරයට ගියේ ඔහුගේ අනාගත ජීවිතය වෙනුවෙන් ඇති සිහින සහ බලාපොරොත්තු සාක්ෂාත් කරගැනීමට පුදපූජා පවත්වන අපේක්ෂාවෙන්.  පුදබිම් වෙත පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම AIA පොසොන් රැකවරණ වැඩසටහන ප්‍රශංසනීයයි.  ඒ ජීවිතාරක්ෂක වැඩසටහන නොතිබෙන්න අපේ පවුලේ දෙදෙනෙකුගේ ජීවිත නිකරුනේ අනතුරට ලක්වී පවුලට ලොකු කරදරයක් වෙන්න ඉඩ තිබුණා."

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ "ශ්‍රී ලාංකිකයින් විදිහට මේ අවස්ථාවේ දී අපි එකිනෙකාට උදව් උපකාර කිරීමට හැකි අයුරු සොයා බැලිය යුතුයි.  පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ, ගමනාගමන අපහසුතාද නොසලකමින් පොසොන් උත්සවය සැමරීමට අනුරාධපුර නගරය වෙත ඇදී ආ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකිවීම අපට සතුට ගෙනෙදෙන අත්දැකීමක් වුනා.  සුපුරුදු පරිදි මෙවරත්  AIA ඉන්ෂුවරන්ස් සමාගම මෙම ව්‍යාපෘතිය ඔස්සේ බැතිමතුන්ගේ ජීවිතවල සුරක්ෂිතබව තහවුරු කිරීම වෙනුවෙන් වූ පොරොන්දුව එලෙසම ඉටුකල අතර  පසුගිය වසර ගණනාව පුරාවට වටිනා  මිනිස් ජීවිත 200 කට වැඩි ප්‍රමාණයක් බේරා ගැනීමට මෙම AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය ඔස්සේ අපට හැකිවී තිබෙනවා.  මෙවරත්  AIA හි ජේෂ්ඨ කළමනාකාරිත්ව කණ්ඩායමේ සාමාජිකයන් සහ අලෙවි බලකා සාමාජිකයින් පොසොන් දිනයේ දී අනුරාධපුර පුදබිම වෙත පැමිණියේ මෙම මෙහෙවරට අපගේ ඇති කැපවීම නිසයි.  අප සමගින් සහයෝගීතාවයෙන් එක්ව සෑම වසරක් පාසා,  AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතියට ස්වේච්ඡාවෙන් සිය ශ්‍රමදායකත්වය දක්වමින් වටිනා මිනිස් ජීවිත සුරක්ෂිත කිරීමේ ජාතික මෙහෙවරට දායක වන  ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සිවිල් ආරක්ෂක හමුදාවේ සියලුම ජීවිතාරක්ෂක මහත්වරුන්හට අපගේ හදපිරි කෘතඥතාවය පලකිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා".