AIA රක්ෂණ සමාගම, සේවාලාභීන් වෙත ස්වයංක්‍රීය ඇමතුම් සේවාවක් හදුන්වා දෙයි

    February, 7, 2020

    AIA රක්ෂණ සමාගම නොබෝදා සිය වටිනා සේවාලාභීන් වෙත නවතම ස්වයංක්‍රීය ඇමතුම් සේවාවක් හදුන්වා දීමට කටයුතු කරන ලදී. නවීනතම තාක්ෂණය උපයෝගී කරගනිමින් පූර්ණ ස්වයංක්‍රීය ක්‍රියාකාරීත්වයක් ඇති, කටහඬ සමගින් ප්‍රතිචාර දක්වන මෙම IVR සේවාව (Interactive voice Response) සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය වෙත දිනපතා ලැබෙන ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීමට යොදා ගැනෙනු ඇති අතර, මෙවැනි තාක්ෂණයකින් යුත් පද්ධතියක් මෙරට රක්ෂණවර හිමියන් වෙත හදුන්වාදුන් පළමු ජීවිත රක්ෂණ සමාගම AIA රක්ෂණ සමාගමයි.

    AIA හි රක්ෂණවර හිමියන්හට දැන්, වසර පුරාවට, සතියේ ඕනෑම දවසක, දිනයේ ඕනෑම වෙලාවක ඔවුන්ගේ රක්ෂණ වාරිකයට අදාළ විස්තර දැන ගැනීමට මෙම සේවාව උපයෝගී කරගැනීමේ හැකියාව ඇත. මෙම පූර්ණ ස්වයංක්‍රීය IVR පද්ධතිය ඔස්සේ සේවාලාභීන්හට ඔවුන්ගේ රක්ෂණ වරයට අදාළ විස්තර, එනම් රක්ෂණ වාරික පිලිබඳව මෙන්ම සිය රක්ෂණවරය දැනට සක්‍රීයව තිබෙනවාද නැතිද යනබව වැනි දේ දැනගැනීමේ හැකියාව ලැබෙනු ඇත. ඊට අමතරව මෙම සේවාව ඔස්සේ සේවාලාභියා විමසා සිටි විස්තර වලට අදාළ තොරතුරු ඇතුලත් කෙටි පණිවුඩයක් ඔහුගේ හෝ ඇයගේ ජංගම දුරකථනය වෙත ද ලැබෙනු ඇත. සතියේ ඕනෑම දිනක පැය 24 පුරාවට මෙම සේවාව ක්‍රියාත්මකව පවතින අතර, මින්පසු දුරකතනයේ රැදී සිටිමින් ඇමතුම් මධ්‍යස්ථාන නියෝජිතයන්ගේ මාර්ගයෙන් තම රක්ෂණවරය ගැන විස්තර අසා දැනගැනීමට සිය වටිනා කාලය වැය කිරීමට සේවාලාභියාට සිදු නොවනු ඇත.

    AIA රක්ෂණ සමාගමෙහි මෙම IVR පද්ධතිය නව්‍ය මුහුණුවරකින් හෙබි විශේෂාංග රාශියකින් සමන්විත වේ. මෙම සේවාව මගින් සමාගමට ඇමතුමක් ලැබෙන මොහොතේදීම දුරකථන අංකය ඔස්සේ සේවාලාභියාගේ සියළු විස්තර හඳුනාගැනීමේ හැකියාව ඇති අතර සේවාලාභියාගේ තොරතුරුවල වලංගු බව සොයා බැලීමේ ක්‍රියාවලියට දීර්ඝ කාලයක් ගත කිරීමට දැන් අවශ්‍ය නැත. මෙම විශේෂාංගය මෙරට රක්ෂණ ක්ෂේත්‍රයට පලමුව හදුන්වා දෙන ලද්දේ AIA රක්ෂණ සමාගමයි.

    AIA රක්ෂණ සමාගමෙහි ප්‍රධාන නිලධාරී - නීති සහ යහපාලන/අතුරු අධ්‍යක්ෂිකා මෙහෙයුම් - චතුරි මුණවීර මහත්මිය කියා සිටියේ “වාර්තා වලට අනුව අපගේ ඇමතුම් මධ්‍යස්ථානයට දිනකට ලැබෙන ඇමතුම් වලින් 50% ක්ම සේවාලාභීන්ගේ රක්ෂණවරයට ගෙවා ඇති වාරික පිළිබඳ විස්තර සොයාබැලීම සඳහා වේ. එම ඇමතුම් ප්‍රමාණය හැකිතාක් අඩුකර ගැනීමටත් සේවාලාභීන්හට අප හා සම්බන්ධ වීමේ දී වඩාත් කාර්යක්ෂම, පහසු මෙන්ම කාලය ඉතිරි කරගැනීමේ හැකියාව ඇති විකල්පයක් ඇතිදැයි අප සොයා බැලුවා. සේවාලහීන්ගේ කාර්ය බහුල භාවය අප හොදින් දන්නා බැවින් ඔවුන්ගේ කාලයට ගරුකරමින්, රක්ෂණ වාරික පිලිබඳ විස්තර වඩාත් පහසුවෙන් සහ වේගවත්ව ලබා දීමට හැකියාව ඇති සේවාවක අවශ්‍යතාවය අප හදුනාගත්තා.”

    AIA රක්ෂණ සමාගමෙහි තොරතුරු තාක්ෂණය පිලිබඳ අධ්‍යක්ෂ, උමේෂි ද ෆොන්සේකා මහතා කියා සිටියේ “AIA හි අපි, අපගේ අගනා සේවාලාභීන් වෙත අද්විතීය සේවාවක් ලබා දීම සඳහා, අප භාවිතා කරන්නාවූ ක්‍රියාවලීන් යාවත්කාලීන කිරීමටත් වැඩි දියුණු කිරීමටත් නිරතුරුව කැපවී කටයුතු කරනවා. මෙම IVR පද්ධතිය මගින් අපට සේවාලාභීන් සමගින් වඩාත් කාර්යක්ෂම අයුරින් සම්බන්ද වීමටත්, එමගින් දිවයින පුරාවට අපගේ මෙහෙයුම්වල කාර්යක්ෂම බව සහ සමාගම කෙරෙහි සේවාලාභීගේ ලැදියාව වැඩි දියුණු කරගනිමින් ව්‍යාපාරයට ඉහළ වර්ධනයක් ලඟා කරගැනීමටත් හැකිවෙනු ඇති.”

    දුරකථන අංක 0112 310 310 AIA රක්ෂණ සමාගම අමතා, නොම්බර 1 ඔස්සේ IVR පද්ධතිය සමග සම්බන්ධ වී ඔබගේ රක්ෂණවරයේ වාරික පිලිබඳ තොරතුරු ලබාගන්න.